hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 02, ප.ව. 2:12



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

මේ සම්බන්ධයෙන් චෝදනා බොහෝමයක් එල්ලවන තැන ජැක්සන්ගේ පවුලේ පිරිස් මාධ්‍ය හමුවේ සඳහන් කළේ එය වෛද්‍යවරුන් ගත යුතු තීන්දුවක්-තීරණයක් මිසක තමන් වෙතට අදාළ කාරණාවක් නොවන බවයි.

අනෙක් අතට, වැඩසටහනකට එක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ද සඳහන් කළේ යම් බලවේගයක් හෝ හස්තයක් මේ පිටුපස ඇති බවයි. 

මෑතක වැඩසටහනකට එක්වෙමින් ජැක්සන්ගේ සොහොයුරු සුදත් ඇන්තනී ද සඳහන් කළේ අදාළ තීරණය වෛද්‍යවරුන් අත ඇති බවයි.

ඇතැම් අවස්ථාවල සුව ප්‍රාර්ථනාවලට වඩා වැඩි විවේචන ඔහු නමින් එල්ල වෙනවා.

එහෙම පසුබිමක ඔහු යළි තිරයෙන් දකිනකල් ඇඟිලි ගණින පිරිසකුත් නැතුවාම නෙවෙයි.

ඒ වුණත් ජැක්සන් බොහෝම ඉක්මණින් සුව වෙමින් සිටින බැව් ජැක්සන්ගේ පුත් අකිල ධනුද්දර පසුගිය දිනෙක රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් සඳහන් කර තිබුණා.

මේ අතර, ජැක්සන් දැන් සිටින තත්ත්වය ගැන රහසිගත තොරතුරු බොහෝමයක් හෙළි පෙහෙළි කරමින්, රංගන ශිල්පී සුදත්ත තිලකසිරි ඔහුගේ යූටියුබ් නාලිකාවේ වීඩියෝවක් උඩුගත කර තිබුණා.

සති කිහිපයකට පෙර දී ජැක්සන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවති බවත්, ජැක්සන්ගේ බිරිඳ කුමාරි මුණසිංහ ද අදාළ සාකච්ඡාවකට එක්ව ඇති බවත් සුදත්ත සිය වීඩියෝවේ සඳහන් කරනවා.

‘ජීවිත යථාර්තය අපිට දැනිලා තියනවා, මිනිස්සුන්ට දැනිලා තියනවා. ජැක්සන් ඇන්තනී දැන් දවස් 500 ගාණත් පැන්නා. අවුරුදු එකහමාරක් අයිසීයූ එකේ ඉන්නවා. අපිට ලැබිච්ච ආරංචි අනුව, දැන් සති කිහිපයකට උඩදි සාකච්ඡාවක් පවත්වලා තියනවා, කුමාරි මුණසිංහත් සහභාගි වෙලා තියනවා. ඇය විරෝධය පළ කරලා තියනවා, ඇය හෙළි කරලා තියනවා, වෛද්‍යවරුන් අතින් සිදුවුණු ඇතැම් සිදුවීම්… අපිට දැනගන්න ලැබුණා (මේක සත්‍ය වෙන්නත් ඇති…) වෛද්‍යවරු මොළේ ස්කෑන් කරලා බැලුවම, මොළේ මැරිලා කියලා තමයි කියලා තියෙන්නෙ…’

‘අපි උදවු කරන්නම් අපි හදලා දෙන්නම් අයිසීයූ එකක්. කුමාරි අක්කට තියෙන්නෙ ගෙදරට වෙලා බලාගන්න. එතකොට නිදහසේ කිරිල්ලියක් වගේ යන්න බැරි නිසාද? එහෙම නොකරන්නෙ. අපි ජැක්සන්ට ආදරෙයි…. ඔයා ආදරෙයි නම් එහෙම කරන්න. තව කී දෙනෙක් අයිසීයූ එකේ ඇඳවල් නැතුව අවසන් ගමන් ගිහින් ඇද්ද. ඒකේ පව කරගහන්න වෙන්නෙ කාටද? ජැක්සන් ට නෙවෙයි, කුමාරි සහ දරු තිදෙනා…’

මේ අතර, එක්සත් පුරවැසි සංවිධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා ද ජැක්සන් දින ගණනාවක් රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් සිදු කර තිබුණා.

ඔහු සඳහන් කළේ මේ සියල්ල රාජපක්ෂවරු ඇති කෙරූ පාදඩ සංස්කෘතියක ප්‍රතිඵලයක් බවයි.

‘ඇන්තනී පවුලට වඳින්න ඔිනි අයිසීයූ එකේ ඇඳක් ගන්න. රාජපක්ෂලාගේ ප්‍රශස්ති ගී ගයපු පවුලකට ඒක දීලා. මෙන්න රාජපක්ෂලා හදපු රට. අඩුම ගානේ පපු කැවුත්තක් තියෙන්න එපැයි.. යකෝ මේක මැරිලා ඉන්නෙ දැන් කියලා.. රාජපක්ෂලා හදපු පාදඩ සංස්කෘතියක මේක.. අපි වැළලිලා ගියත් උන්ට ගාණක් නෑ. තාත්තා දින 500ක් ඇඳේ හිටියත් උන් සියලු ආතල් ගන්නවා…’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: