hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 08, ප.ව. 9:39



ජවාන් සිනමාපටය ඊයේ සිට ලොවපුරා තිරගත වීමට පටන් ගත්තා.

මේ වනවිට එය හින්දි චිත්‍රපටයක් ලොව පුරා තිරගත වීමෙන් වැඩිම ආදායමක් ලැබු චිත්‍රපටය බවට Jawan පත්ව තිබෙනවා.

ඒ ලොව පුරා පළමු දින ආදායම ඉන්දියන් රුපියල් කෝටි 129.6 ක ආදායමක් වාර්තා කිරීමට සමත් වීමත් සමග.

නමුත් තවමත් මේ වසරෙ පළමු දින වැඩිම ආදායමක් ඉපයු චිත්‍රපටය ලෙස සැලකෙන්නේ Rebel Star Prabhas ගේ Adipurush සිනමාපටයයි.

ඒ පළමු දින ආදායම ඉන්දියන් රුපියල් කෝටි 136.08 ප්‍රමාණයක් උපයා ගනිමින්.

එසේම තවමත් ලොව පුරා වැඩිම පළමු දින ආදායමක් උපයා ඇත්තෙ RRR චිත්‍රපටය වන අතර ඒ පළමු දින ආදායම ලොව පුරා ඉන්දියන් රුපියල් කෝටි 223 කට අධික ආදායමක් ලබා ගෙනයි.

ඉන්දියන් චිත්‍රපටයක් ලොව පුරා තිරගත වීමෙන් වැඩිම පළමු දින ආදායමක් ලබා ගත් චිත්‍රපට හය අතරට එක්වන්නේ මේ සිනමාපට කිහිපයයි.

(1) RRR – 223.50 cr ( Charan / Jr Ntr )

(2) Bahubali 2 – 214.50 cr ( Prabhas )

(3) KGF 2 – 164.50 cr ( Yash )

(4) Adipurush – 136.08 cr ( Prabhas )

(5) Jawan – 129.06 cr ( Shah Rukh Khan )

(6) Saaho – 125.06 cr ( Prabhas )

මෙය මෙසේ වූවත් “ජවාන්”සිනමා පටය ඉන්දීය සිනමා කර්මාන්තයේ ආදායම් වාර්තා බිඳ දමනු ඇතැයි පලවන අදහස්වලින් නම් පැහැදිලි වෙන්නේ.

ඒ වගේම ශාරුක් ඛාන්ට ආදරය කරන ප්‍රේක්ෂකයින් පිරිසක් ජවාන් සිනමාපටය නරඹා තැබූ ට්විටර් සටහනකට ශාරුක් ඛාන්ද පිළිතුරු සපයා තිබෙනවා.

ඒ වගේම ජවාන් සිනමාපටය නැරඹීමට තිබෙන කැමැත්ත උන්මාදයක් බවටද පත්ව තිබීම විශේෂතවයක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: