hit counter

2026 ජූලි මස 22 වන බදාදා

2026 ජූලි 22, පෙ.ව. 11:49



මෙරට ප්‍රමුඛ පෙළේ බාලිකා විද්‍යාලයක ඉංග්‍රීසි ගුරුවරියක් මැලේසියාවේ පැවැත්වුණු ජාත්‍යන්තර විලාසිතා තරගයකදී බිකිනි ඇඳුමෙන් සැරසී ඉදිරිපත් වූ බවටත්, ඇයට එරෙහිව විනය පියවර ගන්නා ලෙස එම පාසලේම පිරිසක් විදුහල්පතිනියගෙන් ඉල්ලා ඇති බවටත් වූ පුවතක් සමාජ මාධ්‍ය පුරාවටම සංසරණය වෙමින් පවතියි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් දක්වමින් සංසරණය වන මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු එකක් බවට මේ වන විට කරුණු වාර්තා වී ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ ඡායාරූපවල පෙනී සිටින්නේ ශ්‍රී ලාංකිකයෙකු හෝ ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති තැනැත්තියක නොව, මධ්‍යම ඇමරිකානු රටක් වන ග්වාතමාලාවේ (Guatemala) පුරවැසියෙක් බවටත් ජේමි ස්ටෙෆනි (Jeyme Stefany) නමැති ඇය සහභාගී වී ඇත්තේ ග්වාතමාලාවේ පැවැත්වුණු “Monja Blanca” රූ රැජින තරගයට බවත් වාර්තා වේ.

කරුණු එසේ තිබියදී දේශීය සමාජ මාධ්‍ය පිටු රැසක් මෙන්ම ජනප්‍රිය පුද්ගලයන් කිහිපදෙනෙකුද මෙම නොමඟ යවන සුළු තොරතුරු පරීක්ෂා කිරීමකින් තොරව හුවමාරු කරගෙන ඇති අතර එය සමාජ මාධ්‍ය පුරාවටම දැඩි කතාබහක් ඇති කර තිබුණා.

මෙම සිදුවීම කරුණුවල සත්‍ය අසත්‍යතාවය වටහා ගෙන නිරන්තරයෙන් බුද්ධිමත්ව කටයුතු කිරීම නුවණට හුරු බව සියලුම සමාජ මාධ්‍ය පරිශීලකයන්ට සිහිපත් කරවයි.  

Gallery
Gallery
Gallery
Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: