hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 12, ප.ව. 2:52



කාංචනා අනුරාධි මෑතකදී බොහෝ විට කතා බහට ලක්වුනු කෙනෙක් බවට පත් වුණා.

ඊට හේතුව බවට පත්වෙන්නේ ඉතාමත්ම සුමිහිරි කටහඬක් හිමි ඇය ගායනා කරපු ගීත කිහිපයක්ම නිසාවෙන්.

කොහොම නමුත් ඇයට උරුම වුණ බොහොම ලයාන්විත කට හඬත් එක්ක ඉක්මනින්ම විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබන්නට ඇයට හැකියාවක් ලැබුන කාරණාවත් මෙහිදී සඳහන් කරන්න ඕනේ. 

ඉතින් ඒත් එක්ක ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම යන්නට ඇයට අවස්ථාවක් ලැබුණා.

ඒත් එක්කම සමාජ මාධ්‍ය වගේම ප්‍රධාන පෙළේ මාධ්‍ය ඔස්සේද ඇය පිළිබඳව නිරන්තරයෙන් කතා බහ කරන්නටත් ඇගේ ගීත ප්‍රචාරය කරන්නටත් යොමුවුනා.

තරුණ තරුණියන්ගේ උන්මාදයක් බවට පත්වන්නටත් ඇයට හැකියාව ලැබුණා.

ඇය එක්තරා ප්‍රසංගයකට පසුගියදා සහභාගී වෙලා තිබුණා.

එහිදී ඇයට ගීත ගායනා කරන්න අවස්ථාව හිමි වුණත් එකවරම ඇයට ගීතය ගායනා කර ගැනීමට නොහැකි වෙනවා.

නමුත් එම අවස්ථාවේ එම ප්‍රසංගයට සභාභාගී වූ අය ඇයගේ ගීතය ගයනවා.

ඒ සම්බන්ධයෙන් ඇය සිය මුහුණුපොතේ මෙලෙස සටහනක් තබා තිබුණා.

මේ දවස මගේ සංගීත ජීවිතයේ මට කවදාවත් අමතක නොවන දවසක්. ප්‍රසංග තුනක ඉතාම අපහසුවෙන් ගීත ගායනා කල දවසක්. ( හිරු Mega Blast, ප්‍රහර්ශා ,Musical fantasy ) ගෙවෙන හැමදවසක්ම එක වගේ නෑ. පවතින කාලගුණික තත්වය නිසා හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් වෙනදා මෙන් ගීත ගායනා කිරීමට තරම් මට ශක්තියක් නොතිබුණු අතර මා අසරණ වූ ඒ අවස්ථාවේ මාව අන් කවරදාටත් වඩා ආදරෙන් දරාගත් මගේ ආදරණීය රසික රසිකාවියන්ට මම හිස නමා ආචාර කරමි. ලෙඩ දුක් ගෙන දෙන මේ ශරීරය කෙතරම් දුර්වල වූවත් මගේ මුළු ආත්මයම ශක්තිමත් කලේ ඔබේ ආදරයයි. ඔබේ අත්පොලසන්නාදයයි. ඔබ හැමදෙනාටම බොහොමත්ම ස්තූතියී !

එසේම එදින මට සහයෝගය දුන් Journey , sarth and surith , LineOne යන සංගීත කණ්ඩායම් වලට හදවතින්ම ස්තූතිවන්ත වෙමි.

මං ගැන හොයලා බලපු හැමදෙනාටම ගොඩක් ස්තූතියී ! ඉක්මනින්ම සනීප වෙලා එන්නම්… හැමදෙනාම මේ දින වල පැතිරෙන විවිධ ලෙඩ රෝග වලින් පරිස්සම් වෙලා ඉන්න

මගේ ඇස් දිගේ මේ ගලා එන කදුළු

කියයි දහසක් කතා මුවින් මා නොකියූ

ආදරේ මේ තරම් හිසේ මගෙ පැළඳූ

ඔබ සැමට මියෙනතුරු ගයමි ගී මියුරූ..

I Love you all

– Kanchana Anuradhi –





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: