hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 16, පෙ.ව. 8:58



කාවින්ද්‍යා අධිකාරි කියල කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්.

මේ වෙද්දී ලාංකිකයන් හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා.

ඇත්තෙන්ම කාවින්ද්‍යා සිය මව සහ පියා ලෙසින්ම මේවන විට ජනප්‍රිය ගායන ශිල්පිනියක් බවට පත්ව අවසානයි.

කොහොම නමුත් තමන්ටම ආවේණික වු සුමිහිරි හඩකට හිමිකම් කියන ඇය පොලවේ පයගහලා ජිවත් වෙන නිහතමානී චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි.

කොහොමහරි ඉතින් ගායනයෙන් පමණක් දස්කම් දක්වපු ඇය මේවෙනකොට හැමෝම දන්නා කියන රංගන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා..

ඇගේ පළමු සිනමා නිර්මාණය තමයි ඝරසරප කියල කියන්නේ.

ඇය සිය පළමු සිනමා නිර්මාණයෙන්ම සම්මානයෙන් පිදුම් ලබනවා.

අනතුරුව සක්කාරන් වැනි ටෙලි නිර්මාණ ඔස්සේද අපට ඇයව දැකගන්නට ලැබුණා.

ඇත්තෙන්ම ඇය මේ වෙද්දී රංගන කුසලතාව මනාව පෙන්නුම් කරන නිලියක් වනවා.

සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය ඇය මීට පැය කිහිපයකට කලින් ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට වීඩියෝවක් එක් කර තිබුණා.

අතුල අධිකාරි ගුවන්තොටේ සිටින වීඩියෝවක් ඇය මෙසේ එක් තිබුණා.

එහි කාවින්ද්‍යා මෙවැනි සටහන් කිහිපයක් ද අමුණා තිබුණා.

කොහොම වුණත් අතුලගේ මේ විදෙස් ගත වීම ප්‍රසංගයක් සඳහා වෙන යම් කටයුත්තක් වෙනුවෙන් ද යන්න එහි සඳහන්ව තිබුණේ නැහැ.

“මට වැදගත්ම මනුස්සයා ගුවන්තොටුපලට අරන් ගියා !!

මගේ හඬ බොහොම සතුටින්…. ඒත් අභ්‍යන්තරයෙන් මං අඩනවා

ඒ හිනාව….

මාව ඔහුගේ දුව කියලා හැඳින්වීමට ස්තුතිවන්ත වීමටයි..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: