hit counter

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2026 මැයි 17, පෙ.ව. 12:11



වෙනස් වෙන්නේ නැති බැඳීමක් දරුවෙකුට ඇතිවෙන්නේ තමන්ගේ ආදරණීය දෙමව්පියන් එක්ක විතරයි.

ඒක මේ ලෝකේ කාටත් පොදු කාරණයක්. කාවින්ද්‍යා අධිකාරි,ඇය ලංකාවම ආදරය කරන කලා ශිල්පිනියක් විතරක් නෙවෙයි, අපේ රටේ කවුරුත් ආදරය කරන ගායන යුවලකගේ ආදරණීය දියණියක්.

අතුල – සමිතා මේ දෙන්නා වෙනුවෙන් කවී නිතර දෙවේලේ ඇයගේ සමාජමාධ්‍ය පිටුවල සටහන් පළකරනවා.. අම්මාගේ ආදරය වගේම ඇයට තාත්තාගේ ආදරය දැනෙන විදිහත් හරි වෙනස්.

“හැමදාම කතා කරේ නැතත්, හැමදාම මුණගැහුනේ නැතත්, නොවෙනස්වන ආදරයක්
මගේ හිතේ හැමදාටම තියේවි…”

කවී තාත්තා වෙනුවෙන් මෙහෙම සටහනක් එක්කරනකොට මිට දින කිහිපයකට ඉහතදී මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ඇය තවත් සටහනක් මුහුණුපොතට එක්කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි.

“මම අද වෙනකොට ජීවිතේ ඇවිත් තියෙන මේ “ලොකු දුර” එන්න මට වැඩියෙන් ම ශක්තියක් වුනේ ඔයා… කවුරු මොනා කිව්වත් මගේ අත අල්ලං ඉන්න අමාරු උනත් බොහෝ තැන්වල, මාව හයියෙන් ම අල්ලගෙන හිටියට අම්ම ට මම සදා ණයගැතී මගෙ අම්මී…
මගේ ජීවිතේ මම හුඟාක් දේවල් අම්මාගෙන් ඉගෙනගත්තේ.

මම අදටත් මට වඩා මගෙ ලඟ ඉන්න, මම ආදරය කරන ඒ මගේ පුංචි circle එකේ මිනිස්සු ගැන හරියට හිතනවා…

ඒ හැමදේම මම පුංචි කාලේ ඉඳන් දැක්ක දේවල්. මම හිතනවා මම එහෙම selfless වෙලා ජීවත් උන එකෙන් සමහර තැන්වල dissapointments ඇති වුනත්, අද වෙනකොට මට සතුටින් ජීවත් වෙන්න උදව් වුනෙත් මම වෙන මනුස්සයෙක් ගෙ දුකක් හෝ කරදරයකදී ඔවුන් වෙනුවෙන් හිටිය නිසාම යි, කියලා…

මම පුංචි කාලේ ඉඳන් අම්මා දිහා බලල හුඟාක් දේවල් ජීවිතේ ට එකතු කරගත්තා, අම්ම ගෙ ජීවිතේ සමහර තැන්වල වැරදුනත් අම්මා හැමදාම කියලා දුන්නේ අපේ ජීවිතේ වරද්දගන්නේ නැතුව ඉස්සරහට හිතේ ශක්තිය එක්ක, පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඕනේ කොහොමද කියාලා…

ඉතින් මගෙ අම්මී ඔයාට ගොඩක් පිං මේ දුවව ගැහැණියකට තියෙන්න ඕනේ උපරිම ශක්තිය දීලා උස්මහත් කලාට.
මම අම්මාව ගොඬාක් ජීවිතේ අඬවලා ඇති… හැබැයි මම හිතනවා ඊට එහා මම අම්මා ට, මම ගැන සතුටක්/ආඩම්බරයක් හිතන්න ඉඩ තියලා ඇති කියලා…

හැමදාම කියනවා වගේ මම ඇස් පියාගන්න තුරු ඔයාව මම මගේ ඇස් දෙක වගේ බලාගන්නවා!

බුදුසරණයි මගෙ අම්මී”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: