hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 09, ප.ව. 3:36



කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්.

මේ වෙද්දී ලාංකිකයන් හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා.

ඇත්තෙන්ම කාවින්ද්‍යා සිය මව සහ පියා ලෙසින්ම මේවන විට ජනප්‍රිය ගායන ශිල්පිනියක් බවට පත්ව අවසානයි.

කොහොම නමුත් තමන්ටම ආවේණික වු සුමිහිරි හඩකට හිමිකම් කියන ඇය පොලවේ පයගහලා ජිවත් වෙන නිහතමානී චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි.

කොහොමහරි ඉතින් ගායනයෙන් පමණක් දස්කම් දක්වපු ඇය මේවෙනකොට හැමෝම දන්නා කියන රංගන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා..

ඇගේ පළමු සිනමා නිර්මාණය තමයි ඝරසරප කියල කියන්නේ.

ඇය සිය පළමු සිනමා නිර්මාණයෙන්ම සම්මානයෙන් පිදුම් ලබනවා.

අනතුරුව සක්කාරන් වැනි ටෙලි නිර්මාණ ඔස්සේද අපට ඇයව දැකගන්නට ලැබුණා.

ඇත්තෙන්ම ඇය මේ වෙද්දී රංගන කුසලතාව මනාව පෙන්නුම් කරන නිලියක් වනවා.

ඉතින් පසුගියදා ඇය විවාහ ගිවිස ගත්ත පුවත අපි ඔයාලට කිවුවනේ.

මේ කියන්න යන්නේ එයාගේ ආදරණීය මව සමිතාගේ උපන්දිනය වෙනුවෙන් තැබූ සටහනක් ගැන.

අම්මා ඔයාට සුබ ම සුබ උපන්දිනයක් වේවා…

මම හිතනවා අම්ම ට දුවෙක්ගෙන් වෙන්න ඕන යුතුකම් මම shape එකේ ඉටු කරනවා කියලා…

අම්ම ගෙ දුව වෙන්න ලැබුන එක මගේ වාසනාව/පින…

මම ආදරෙයි මහ ගොඩාක් ඔයාට.

මට අම්මා ගෙ ජීවිතේ මම්ම ගෙ අඩුව පුරවන්න බෑ කවදාවත්… ඒත් මම දන්නවා එයාත් ඔයාව කොහේ හරි ඉඳන් බලන් ඉන්නවා කියලා…

මම ලඟ හිටියත්, දුර හිටියත් ඔයා ගැන හැමදේම හැම තප්පරේම මම බලනවා… මල්ලී මමයි ඔයාව හයියෙන් එදා වගේම අල්ලං ඉන්නවා… ඊට සමානව අම්ම ට දැන් චීනෝ උයි දනිදු බබා ත් ආදරෙයි.

අපි දෙන්නා ජීවිතේ මුහුණ දුන්න දේවල් එක්ක අපි දෙන්නට දෙන්නා කොච්චර එකට අඬලා ඇති ද?, හැබැයි, අපි දෙන්නා කවදාවත් වැටුනේ නෑ… කොහොමහරි ඒ හැමදේටම මුහුණ දීලා අද වෙනකොට අපි දෙන්නා ගෙ හිත් කොච්චර ශක්තිමත් වෙලා ද?

ජීවිතේ අපිට ආව, එන, එන්න තියෙන හැමදේටම මම දන්නවා අපි එදාට වැඩිය දහස් ගුනයකින් ශක්තිමත් ව මුහුණ දෙනවා කියලා…

අපේ ජීවිතේ මේ ඉන්න විදිහටම ලස්සනට ඉස්සරහට යමු. අපේ ජීවිත අසම්පූර්ණ වෙලා තිබුනා කාලයක්, දැන් ඒ හිස් තැන් ඔක්කොම සම්පූර්ණයි…

අපි දින්නා අම්මේ

බුදුසරණයි මගේ රත්තරං අම්මිට

-අක්කි-





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: