hit counter

2024 දෙසැම්‍බර් මස 03 වන අඟහරුවාදා

2024 ජූලි 13, පෙ.ව. 12:02



කවීෂා අයේෂානී..ඔබට ඇයව අමතක ඇති.

මේ දිනවල ඇය සම්බන්ධ වීඩියෝපට සමාජ ජාලා තුල දැක ගැනීමටත් ඔබට අවස්ථාව ලැබෙන්න ඇති.නැගී එන නිළියක ලෙස ක්ෂේත්‍රය තුල නමක් දිනා ගෙන සිටි ඇයට රසිකයින් බොහෝ පිරිසක් ආදරය කළා.

2016 ඔක්තෝම්බර් මස 16 වැනිදා ඇය පැදවූ මෝටර් රථය පාලනය කර ගත නොහැකිව අනතුරට ලක් වී මිය ගිය බවට එවකට පුවත් පළ වී තිබුණා.

කෙසේ නමුත් ඇය සම්බන්ධව බොහෝ කටකතා එවක පැතිරුණා.බොහෝ දෙනෙක් පැවසුවේ ඇයගේ මරණය සම්බන්ධව සැකයක් පවතින බවටයි.

කෙසේ කොහොම සිදු වූවත් ඇය සම්බන්ධව නැවතත් කතාබහක් සමාජ ජාලා තුල ඇතිව තිබෙනවා.

මේ ඇය සම්බන්ධව ඇගේ මරණයෙන් පසු ඇගේ හිතවතකු විසින් ෆේස්බුක් ගිණුමේ එවක තබා තිබූ සටහනක්.

………………….මතක සජ්ඣායනාව……………………………….
සිය ප්‍රාණ සම සොයුරාගේ අකල් වියෝගයෙන් උපන් දුකත් නිළියක විමේ පැතුම් කන්දරාවත් හිත දරාගෙන වසර හත අටකට පෙර කොළඹ නගරයට සේන්දු වූ ඈ මෙහි ගත ගතකලේ අතිශය සුඛෝබභෝගී ජීවිතයක් නොවේ..
කර්කශ කොළඹ ජීවිතය හා ඔට්ටු වූ මුල් අවදියේ පුංචි ස්කූටරයක නැගි ගමන් බිමන් යමින් දවසට තුන් හාර දහසේ වැටුපට ටෙලි නාට්‍යවල රඟපාමින් වෙළද දැන්වීම් වේදිකා නාට්‍ය ඇතුඵ සකලවිද කලා මාධ්‍ය වලට සහභාගී වෙමින් ඉතිරි කරගත් මුදලට නෑසියන්ගේ මුදල් ද දමා ඈ ඔය අවසන් ගමන ගිය නිසාන් මාර්ච් කාරය ගෙවිමේ පදනම මත මිලදි ගත් හැටි දන්නේ අප ය..
එතැන් පටන් ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන ගමනක් යමින් සිටින අතරතුර උපයා ගත් මුදලින් දුගී මගි අයට ගමේ නෑයින්ට උදව් පදව් කල අයුරු – ගමේ පාසැලට ප්‍රින්ටර්ස් වැනි පරිගනක උපාංග ගෙනගොස් දුන් අයුරැ – තෑගි බෝග කද මළු බැඳගෙන ගමේ වැඩිහිටියන් බලන්නට ඈ ආ ගිය අයු ද ඉතා හොදින් දන්නේ අප ය..
ඇගේ නෑදෑ සනුහරේ බොහෝ පිරිසක් ගැවසෙන ඩුබායි රටේ සංචාරයට ගොසින් එන හැම අවස්ථාවකදි ම ඈ තම හිත මිතුරු සැමට ටොපි චොකලට් සුවද විලවුන් ඔර්ලෝසු වැනි තෑගි බෝග රැගෙන විත් බෙදා දුන් බව දන්නේ අප ය.වෙනකත් තබා ඇගේ මෝටර් රථය සේදිමට දමන ස්ථානයේ සේවය කරන සේවක තරැණයන් ට පවා ඈ බොහෝ උදව් පදව් කර ඇති බව ඔවුන් කොළඹ සිට කිරිඳිවැල ඇගේ නිවසට පැමිණ මා හා පැවසුවේ හැඩු කඳුලින් යුතුව ය..ඈ ගැන වැයෙන එහෙව් ගුන ගැයුම් දන්නේ ද අප ය..
බෝධි පූජා – කඨින පින්කම් – ලේ දන්දිම් – රෝහල් වලට උදව් කිරීම් – විශේසයෙන් ම පසුගිය මහා ගංවතුර අවස්ථාවේදී අසරණ වූ මිනිස්සුන්ට උදව් කිරීම වැනි මහත්ඵල මහා ආනිසංස ලැබෙන පින්කම් ඈ විසින් සිදුකල ඇති බව දන්නේ අප ය..
ඇගේ අකල් වියෝව ආරංචි වූ මොහොතේ දි ම ඈත් ඇගේ අනෙක් සොයුරාත් විසූ ඇඹුල්දෙනිය නිවසට එක් රොක් වූ ඇගේ හිත මිතුරන් 22 උදෑසන වූ ඇගේ හත්දොහේ දානය තෙක්ම ඈ අත නොහැර ඈ සමගින් ම රැදි සිටියේ ඈ සතුව තිබූ අන්න ඒ මනුස්සකමට හිලව් වන්නට ය..ඒ මළ ගෙදරට ඇගේ කිසිම මිතුරෙක් හෝ මිතුරියක් එක දමා යන්නට – මූණ පෙන්වා යන්නට ආවේ නැත..ඒ ඈ වටා සිටිය අය ඇගේ මනුස්සකම හොඳ හැටි ම දැකගෙන තිබුණු නිසාවෙනි..ඒ – ඒ සැමට ඇයව අතහැර දමා යන්නට තිබූ ලෝබ කම නිසාවෙනි…
ඈ ඒ තරම් ම හිත හොද මිතුරියකි..සොයුරියකි..හිතවතියකි…ඥාතිවරියකි..දියණියකි.
කුරා කූඹියෙකුට වත් වරදක් කර නැති යුවතියකි..
මේ කෙටි සටහන ඇගේ හොද නමට පිදෙන උත්තමාචාරයක් වේවා
……………….. ඉතින් ගිහින් එන්න කවීෂා…………………

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: