hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 16, ප.ව. 4:31



සෑම වසරකම ජනවාරි මස තෛපොන්ගල් උදාවෙන් පුසව පැවත්වෙන යාපනය වැලවැටිතුරෙයි සරුංගල් සැණකෙළිය යාපනයේ විශාල ජනපිරිසකගේ සහභාගීත්වයෙන් මෙවරද උත්කර්ෂවත්ව පැවත්වුණා.

යාපනය වැල්වැටිතුරෙයි විග්නේශ්වරා ක්‍රීඩාංගනය ඇතුලු මුහුදු තීරයේදී පැවති මෙම සරුංගල් සැණකෙලිය විග්නේස්වරා ජනසමූහ සමාජය විසින් මෙම සරුංගල් සැණකෙළිය පැවැත්වීමේ කටයුතු සංවිධානය කොට තිබිණ. 

වෙහෙසට පත් වූ ගොවියාගේ හා ධීවරයාගේ විඩාව සංසිඳවා ගැනීමේ අරමුණින් සම්ප්‍රදායක් ලෙස සරුංගල් සැණකෙලිය පවත්වන බැවට යාපනය වැල්වැටිතුරෙයි ජනතාව පැවසුවා.

කෙසේ වෙතත් පසුගියදා ලොවම කතාබහට ලක් වූ ටයිටන් සබ්මැරීනය ආදි විවධ මාතෘකා යටතේ කරත්ත, මාළිගාවන්, සත්ව රූප ආදී විවිධ අනුරූ ආකාරයට ඉතා විශාල ප්‍රමාණයේ සරුංගල් රැසක් සරුංගල් සැණකෙළිය වෙනුවෙන් සකස් කොට තිබිණ. 

නයිලෝන් ලණු ආධාරයෙන් විශාල ප්‍රමාණයේ සරුංගල් ඉහළ නංවනු ලැබු අතර සෑම වසරකම ජනවාරි මාසයේ සරුංගල් සැණකෙළිය පවත්වන් අතර මෙවරද යාපනයේ සිටි දෙස් විදෙස් විශාල පිරිසක් සරුංගල් සැණකෙළිය බැලීමට සහභාගී වී සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: