hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 14, පෙ.ව. 12:03



හැවිරිදි වියේ පසුවන දරුවා ඝාතනය කළ බවට සැකපිට ඉන්දියාවේ ජනප්‍රිය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ Suchana Seth නමැති කාන්තාවක්.

සිය කාර්යාලයේදී ඇය මෙම ඝාතනය සිදු කර පසුව ගමන් මල්ලක දමා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිය සැමියා සමග ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකපළ කරනවා.

පසුගිය දිනෙක කැබ් රථයේ රියදුරු තමන්ට ඇති වූ සැක සංකා හා පැය 12ක් ඇතුළත සිදු වූ සියල්ල ජනප්‍රිය පුවත් අඩවියක් වන ‘ඉන්දියා ටුඩේ’ වෙත හෙළිදරවු කර තිබුණා.

‘සුචනා සෙත්’ ජනවාරි 6 ඇගේ මහල් නිවාසයට ඇතුළු වී ජනවාරි 8 වන තෙක් එහි රැඳි සිට තිබෙනවා. ඇය සිය පුත්‍රයා එම මහල් නිවාසයේ දී මරා දමන්නට ඇතැයි පොලිසිය ‘සැක’ පහළ කරනවා. (අනතුරුව ඈ මළ සිරුර බෑගයක පුරවා සඳුදා දින කුලී රථයකින් කර්නාටක ප්‍රදේශයට රැගෙන ගොස් තිබෙනවා…)

දරුවා ‘රෙදි කැබැල්ලකින් හෝ කෙට්ටයකින්’ සිරකර මරා දමා ඇති බැව් ‘පශ්චාත් මරණ පරීක්ෂණයේ’දී අනාවරණය වුණා.

ඇය ‘සඳුදා’ රාත්‍රීයේ කර්නාටක ප්‍රදේශයේ දී ‘කැබ් රියදුරුගේ’ සහයෙන් අත්අඩංගුවට ගත් අතර, රියදුරු පොලිසියට සඳහන් කළේ, මුලු ගමනේ දීම ‘ඈ’ මුනිවතින් සිටියා මිස වචනයක් හෝ කතා නොකළ බවයි.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නෙද, ඇය විමර්ශනයට හෝ කිසිදු ‘සහයෝගයක්’ නොදැක්වූ බවයි.

ඇය සිය සැමියා වන ‘වෙන්කට් රමන්’ සමඟ හිත් අමනාපයක් ඇති වී ඇති අතර, ඒ නිසාම මානසික තැවුලකින් සිටි බැව් හෙළි වී තිබෙනවා. ඒ ගැන කියමින් ඈ ඇගේ ‘අත් අකුරින්’ ටිෂූ කඩදාසියක ලියූ සටහනක් ද පොලිසිය සොයාගෙන තිබුණා. ‘අයි ලයිනර්’ භාවිතායෙන් ඇය මෙම සටහන ලියා ඇති බැව් පොලිසිය සඳහන් කළා.

‘අපි ඒ සටහනේ අන්තර්ගතය ගැන මාධ්‍යයට කියන්න කැමති නැහැ. නමුත් එක දෙයක්.. එයින් ඇඟවෙන්නෙ ඇගේ දරුවාගේ භාරකාරීත්වය සම්බන්ධයෙන් ඇය කළකිරීමකින් හිටියා කියලයි…’ පොලිස් නිලධාරියෙක් NDTV වෙත සඳහන් කර තිබුණා.

ඇය 6 වැනි දින සිය සැමියාට‌ පණිවුඩයක් යොමු කර ඇති අතර, ‘ඊළඟ දවසේ දරුවා හමුවිය හැකියි’ යනුවෙන් එහි සඳහන් ව තිබුණා. (නමුත් ඔහු පැමිණෙන විට කිසිවෙක් බැංගලෝර නිවසේ සිට නැහැ…)

‘දික්කසාද’ ලේඛනවලට අනුව සුචනා සෙත් විසින් රමන්ට එරෙහිව 2022 වසරේ ‘ගෘහස්ථ හිංසන නඩුවක්’ ගොනු කර තිබුණා. (තමාට හා පුතුට ඔහු ශාරීරිකව වද හිංස සිදු කරන බවටයි ඇය චෝදනා කර තිබුණේ, නමුත් වෙන්කට් රමන් අධිකරණයේ දී එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා….)

ඔහුගේ බිරිඳ දැකීමට පැමිණීම හෝ ඇය හෝ දරුවා සමඟ සන්නිවේදනය කිරීම ‘තහනම්’ කර තිබූ රමන්ට අධිකරණය අනතුරුව ඒ සඳහා ‘අවසර’ ලබා දී ඇති අතර, ඒ ‘අවසරය’ සුචනා කලබලයට පත් කෙරූ බැව් සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: