hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:01



ඇය මේ වගේ ඉරණමකින් අවසන් ගමන් යයි කියලා නම් කවුරුත් හිතන්න නැතුව ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අනුවේදනීය කතාවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක අන්තර් හුවමාරුව ආසන්නයේ දී සිදු වූ මාරාන්තික රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

අනතුරට ලක්ව ඇත්තේ, මත්තල දෙස සිට කරාපිටිය රෝහල වෙත ගමන් කරමින් තිබූ මෝටර් රථයක්.

රියදුරාට පාලනයකර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීයෑමෙන් සිදුව ඇති මෙම අනතුරින් මෝටර් රථයේ පැමිණි දෙදෙනෙකු මාර්ගයේ පැමිණි ගිලන්රථයකින් කරාපිටිය රෝහල වෙත ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.

රෝහල්ගත කිරීමෙන් පසුව කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ කාන්තාව විදුහල්පතිවරියක් බවද සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: