2023 ජූලි 20, පෙ.ව. 1:42
විසි වසරක විවාහ දිවිය අවසන් කරමින් දරුවන් පස්දෙනකු සමඟ තමන් මෙලොව තනිකර සැමියා මියයන තුරුත් ඔහු විවාහක තිදරු පියකු බව නොදැන සිටි කාන්තාවක අනුරාධපුර පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිබලව ගම්මානයෙන් හමුවී තිබෙනවා.
දියණියන් හතර දෙනකුගේද එක් පුතකුගේද මවක වූ ඇය අද ආහාරපාන ඇදුම් පැලදුම් මෙන්ම දරුවන්ට පාසල් යෑමට අවශ්‍ය පහසුකම් නොමැති වීමෙන්අසරණ තත්ත්වයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.
විශ්‍රාමික යුද හමුදා සෙබළකු වන සැමියා මියගිය පසු අවමඟුලට පැමිණි කාන්තාවක විවාහ සහතිකය ඉදිරිපත් කොට සැමියාගේ මරණ සහතිකය ලබාගත් බවත් වසර විස්සක් තිස්සේ පවුල් කෑ ඔහු විවාහක තිදරු පියකු බව තමන් දැන ගත්තේ ඒ අවස්ථාවේ බවත් ඇය මාධ්‍යයට පවසා ඇත.
එම බිරිය මේ වනවිට සැමියාගේ විශ්‍රාම වැටුප ලබා ගන්නා බැවින් තමන් හා දරුවන් පස්දෙනා අසරණව සිටින බවයි ඇය කියා සිටියේ.
ඇය තම ජීවිත කථාව මෙසේද කීවා,
“මම අවුරදු 14 පහු වෙද්දී මෙයා එක්ක විවාහ වුණා. අපි විවාහ වෙලා අවුරදු විස්සක් වෙනවා. අපට දරුවො පස්දෙනෙක් ඉන්නවා. ඔහු යුද හමුදා 17 වැනි විජයබා පාබළ රෙජිමේන්තුවේ වැඩ කළේ. එයා විශ්‍රාම ගිහින් හිටියේ. තිබලව රණවිරු ගම්මානයෙන් අපට ගෙවීමේ ක්‍රමයට නිවාස සංවර්ධන අධිකාරියෙන් නිවෙසක් ලැබුණා. එම නිවෙසේ පදිංචි වෙලා මාස කිහිපයකින් ඔහු මිය ගියා. මළගෙදරට ආ කාන්තාවක් මගේ සැමියා ඔහු සමඟද මීට පෙර විවාහ වී තිබෙන බව කියා පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් විශ්‍රාම වැටුප හදාගෙන තියෙනවා.
ඉතින් අපට ජීවත් වෙන්න විදිහක් නෑ. නමුත් යුද හමුදාවෙ ලිපි ලේඛනවල තියෙන්නේ අපේ විවාහ සහතිකය. ලොකු පුතාට 18යි. එයා ඉස්කෝලෙ යන්නේ නැතිව කුලී වැඩ කරන්නේ නංගිලාට උගන්වන්නයි. දූලා හතර දෙනාටම ඉස්කෝලේ යන්න සපත්තු පොත්පත්, ඇදුම් නෑ. ඉස්කෝලෙ ගෙනියන්නෙත් කොස්, මඤ්ෙඤාක්කා වගේ දෙයක් තම්බගෙන. එයාලා ඉස්කෝලෙදි අනෙක් ළමයින්ට හොරෙන් ඒව කන්නේ ලැජ්ජයි කියලා. හුඟක් දවසට බඩගින්නේ ඉන්නේ. මාසෙකට රුපියල් 3000ක් නිවෙසට ගෙවන්න ඕන. ඒක ගෙවා ගන්න බැරිවුණ නිසා නිවාස සංවර්ධන අධිකාරිය ගෙයින් යන්න නියෝග කළා. ඊට පස්සේ අපි අපේ අම්ම ඉන්න පලුගස්වැවට ඇවිත් පුංචි කාමර දෙකක නැවතුණා. දරුවන්ට පාසල් යන්න උදවු උපකාර කරන්න පුළුවන් නම් ලොකු පිනක්” යැයි ද ඇය කීවා.
2025 සැප්තැම්බර් 19, පෙ.ව. 8:55
2025 සැප්තැම්බර් 19, පෙ.ව. 12:04
2025 සැප්තැම්බර් 18, පෙ.ව. 12:04
2025 සැප්තැම්බර් 18, පෙ.ව. 12:04
2025 සැප්තැම්බර් 18, පෙ.ව. 12:02
19-09-25
19-09-25
19-09-25
19-09-25
19-09-25
19-09-25
19-09-25
19-09-25
19-09-25
19-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
17-09-25
17-09-25