hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 31, ප.ව. 12:49



2023 LPL තරඟාවලි සමාරම්භක උත්සව අවස්ථාවේ ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ ජාතික ගීයේ වචන වැරදි ලෙස උච්චාරණය කිරීම සමාජ මාධ්‍යවල දැඩි ලෙස විවේචනය වෙමින් පවතිනවා.

ජාතික ගීයේ එන “නමෝ නමෝ මාතා” යන කොටස උමාරා “නමෝ නමෝ මහතා” යනුවෙන් කිහිප වරක් උච්චාරණය කරනු දැකිය හැකියි.

මේ සමග #Mahatha හෑෂ් ටැගය සමාජ මාධ්‍යවල රැල්ලක් සේ පැතිර යමින් තිබෙනවා.

මේ අතර ජාතික ගීය වැරදි ලෙස උච්චාරණය කොට අපහාස කළ බවට චෝදනා කරමින් ඇතැම් කණ්ඩායම් නීතිමය පියවර ගැනීමට ද යෝජනා කර තිබෙනවා.

විදෙස් සංචාරයකදී ජාතික ගීය නිවරදුව ගායනා කරන අවස්ථා කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ දී ඔවුන් ශ්‍රී ලංකාවේ ජාතික ගීතය ගායනා කල හැටි මෙන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: