hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 16, ප.ව. 2:40



මාධව විජේසිංහ කියලා කියන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවෙන් තම නිවේදන කටයුතු අරඹා, අද මේ දින වන විටද දෙරණ නාලිකාවේ ජනප්‍රිය නිවේදකයකු වගේම, රංගන ශිල්පියෙකු ලෙස ද සාර්ථක ගමනක් ආ තරුණයෙක්. 

මේ දිනවල නීල පබළු ටෙලි නාට්‍යයේ ආදිත්‍යගේ චරිතයෙනුත් අපිට ඔහුව දැකගන්න පුළුවන් වගේම, දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවේත්, දෙරණ චැම්පියන් ස්ටාර් වේදිකාවේත්, නිවේදකයෙක් ලෙස ඔහු අප හමුවට එනවා.

ඊට අමතරව ජනප්‍රිය වෙළඳ දැන්වීම් රැසකට ද ඔහුගේ දායකත්වය ලබාදී තිබෙනවා. 

අදටත් ජනප්‍රියත්වය රැකගෙන ඉන්න මාධව විජේසිංහ විවාහපත් වුනේ වෘත්තියෙන් වෛද්‍යවරියක් වන නදුනි සමගින්.

මේ දෙදෙනා විවාහයට ඇතුළත් වෙන්නේ දීර්ඝ කාලයක ප්‍රේම සම්බන්ධයකින් වගේම අදටත් හරිම ආදරයෙන් ඉන්න යුවළක් විදියට කා අතරත් ප්‍රසිද්ධයි. 

ඉතින් ඔහුගේ ආදරණීය මෑණියන් මීට දින කිහිපයකට පෙර සිය ජීවන ගමනට සමු දුන්නා.

ඒ රාගම රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදි.

අම්මා ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරත් මාධව ඉතාම සංවේදිව එයාගේ කාලය ගතකල බව එයාගේ ෆේස්බුක් ගිණුමෙන් දක්නට ලැබුණා.

කොහොම වුණත් ඒක ඉතාම සංවේදි කාලයක්.

ඉතින් මාධව කියන්නෙත් හැමෝම වගේ එයාගේ අම්මට ගොඩාක් ආදරය කරන කෙනෙක්. ඉතින් අම්මගේ ආදරය නිසාම මාදව ගොඩක් සංවේදි වෙලා තියනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: