hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූලි 05, ප.ව. 3:51



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ මාධවී සිය පියාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“අප්පච්චි මේ වෙනකොට ජාතික රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකක දෙකක් තියෙනවා ඒ දෙකෙන් එකක තමයි ඔහු ඉන්නේ. ඔහුව බලාගන්න වෛද්‍යවරු, ඒ හෙදියන්, ඒ කාර්ය මණ්ඩලයේ හැම කෙනෙක්ම, අප්පච්චිට උපරිම ආදරයෙන් සලකනවා. ඒ කරන්න පුළුවන් හැමදේම කරනවා. අප්පච්චිගේ අනතුර වෙලා ජූලි මාසයේ දෙවෙනිදානේ මේ අනතුර සිද්ධ වුණේ. ජූලි දහ අට වගේ දක්වා අප්පච්චි හොඳින් අපිත් එක්ක කතාබහ කරමින් හිටියා. ඊට පස්සේ ජූලි දහ අට වෙච්ච තව වෙනත් අසනීප තත්වයක් නිසා තමයි මේ තත්වයට පත් වුනේ. එතකොට අප්පච්චි ගැන අපට දැනුම් දෙන්නේ වෛද්‍යවරු. එතකොට අපි කරන්නේ වෛද්‍යවරු කියන දේවල් ඒ විදියට පිළිපදින එක අහන එක දැනගන්න එක අපි කරන්නෙත් ඒක.

එතකොට වෛද්‍යවරු කියන දේවල් අනුව, ඔවුන් අපිට දෙන උපදෙස් අනුව අපි බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා මගේ අප්පච්චි ඉක්මනින්ම සුව වේවි කියලා. ඉතින් මම විතරක් නෙමෙයි, අපි විතරක් නෙමෙයි, මුළු රටක් මම දන්නවා මේ ලෝකයේ ගොඩක් රටවල් වල ඉන්න අය අප්පච්චි වෙනුවෙන් ඔවුන්ගේ විශ්වාස අනුව, විවිධ දේවල් පූජා කරනවා. අපිට පින්තූර වීඩියෝ කරලා එවනවා. ඒ හැම විශ්වාසයක්ම සහ වෛද්‍යවරුන්ගේ කැපවීම, ඔවුන්ගේ ඒ ඖෂධ, ඒ දේවල් ඒ විදියට වැඩ කරාවි කියලා. වෛද්‍යවරු අපිට දැනුම් දෙන සියලු තොරතුරු අපි විශ්වාස කරනවා. ඉතින් ඒ අනුව අපි බලාගෙන ඉන්නවා අප්පච්චි අවදි වෙනකන්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: