hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 ජනවාරි 18, පෙ.ව. 12:04



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.

ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා.

මාධවී වත්සලාගේ ආදරණීය සහකරු කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ පියානන්ගේ හදිසි අභාවය ගැන අපි ඔබට කිව්වා මතක ඇති.

කසුන්ගේ ආදරණිය පියාණන් මීට දින කීපයකට පෙරයි අභාවප්‍රාප්ත වුණා.

මාධවී වගේම අම්මා දැන් කසුන්ගේ මුළු ලෝකයම වෙලා.

හිමිවීම, අහිමිවීම අපේ ජීවිතේ අපි ඕන කෙනෙක්ට සාමාන්‍ය දෙයක් වුණත්, ඒ අහිමිවීම  අතරේ ශක්තිමත් වෙන බැදීම් හරි ලස්සනයි.. මේ ඡායාරූප කියන්නේ අන්න ඒ වගේ කතාවක්.

සරලකම, මනුස්සකම, උපන් ආරය වෙනස් කරගත්තේ නැති ඔහුගේ අම්මායි තාත්තායි දරුවන්ට හොඳින් සමාජය කියා දුන්නා.

ඒත් එක්කම පොළොවේ පයගහලා ඉන්න කෙල්ලෙක් එයා එක්ක ජීවිතේ ඉස්සරහට යන්න අත් අල්ලාගත්තා කියන්නේම කසුන් කියන්නේ වාසනාවන්තයෙක්.

ඒක නිසාම වෙන්න ඇති අම්මායි, පෙම්වතියයි ගැන හරි සරලව ඔහු කියලා තිබුණේ, ලොකු අර්ථවක් ගැබ් වෙච්ච මෙන්න මේ වගේ වචන පෙළක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: