hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 28, ප.ව. 1:57



මාධවී ඇන්තනී කියන මේ චරිතය  වර්තමානය වන විට සමාජ මාධ්‍ය පුරාවටම වැඩි වශයෙන් කතාබහ කරන චරිතයක් බවට පත්වෙලා.

ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, ඒ වගේම ඇයට රහට ගායනා කරන්න පුළුවන්.

ඒ සියලු හැකියාවන් එක්ක ඇය කලාව තුළ අද වෙද්දි ලස්සන ගමන් මගකට අවතීර්ණ වෙලා.

ඕනෑම කෙනෙක් දන්නවා මාධවී කියන්නේ විවාහ ජීවිත නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක්.

හැබැයි අද වෙද්දි ඇය ජීවිතයට හොඳම තේරීමක් තෝරගෙන.

ඔහු තමයි දක්ෂ ගී පද රචකයෙක් විදිහට වැඩ කටයුතු කරන කසුන් මහේන්ද්‍ර හීනටිගල.

ඉතින් මේ දෙන්නම අද වෙද්දි තමන්ගෙම කියලා ව්‍යාපාරයකුත් එක්ක කලා කටයුතු කැස්සකපැසක නිරත වෙනවා.

මේ දෙන්නා එකතු වෙන කාල සීමාවේදී බොහෝ දෙනෙක් ඔවුන් දෙදෙනාට විරුද්ධව විවිධ දේවල් සමාජගත කළා.

මාධවී කසුන් එක්ක එකතු වෙලා ව්‍යාපාර කිහිපයක්ම ආරම්භ කරලා තියෙනවා ඔවුන් නිරන්තරයෙන් මාධ්‍ය සාකච්ඡාවල අදහස් දක්වමින් සඳහන් කර තිබුණා.

ඒ අතරින් එකක් තමයි නාමකරණ ව්‍යාපාරයක් වන “නමොන්නාම” කියන්නේ.

කොහොම නමුත් මේ ව්‍යාපාරයට ඉතා විශාල ප්‍රචාරණයක් ලැබුණා.

කොහොම නමුත් පසුගිය දිනක දරුවෙකු තැබූ නමක් සම්බන්ධයෙන් ඔවුන්ගේ රසිකයන් පිරිසක් ප්‍රශ්න කර තිබූ අතර ඊට චෝදනා ද එක් කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: