hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 03, ප.ව. 4:56



මිලාන් සිල්වා මේ පුද්ගලයා කලාකරුවෙක් නොවුනත් පසුගිය කාලසීමාව පුරාවටම ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතා බහ කළා. ඒකට හේතුව ඔහු විවාහ වුණේ ක්ෂේත්රයේ අති දක්ෂ  රංගන ශිල්පිනියක් වන මාධවී ඇන්තනී සමඟ නිසයි. මේක මාදවීගේ දෙවැනි විවාහය. 

කොහොමහරි ඇයත් එක්ක ඉතාමත් සතුටින් ඔහු කාලයක් ජීවිතය ගත කළා. නමුත් අපිට පසුගිය කාල සීමාවේ අවාසනාවට අහන්න ලැබුණු කතාවක් තමයි මේ දෙන්නා විවාහයෙන් වෙන් වෙලා කියන දේ.

ඇත්තටම ඒ ගැන ස්ථිර ම දෙයක් දෙන්නයි එක්කෙනෙක්වත් මාධ්‍යයට කියලා තිබ්බේ නැහැ. ඒ නිසා කවුරුත් ඒ ගැන චකිතයෙන් තමයි හිටියෙ.

නමුත් දැන් මාධවී ඒ ගැන විවෘතව අදහස් ඉදිරිපත් කරලා තිබුණා. ඒකට හේතුව ඇය තමන්ගේ ආදරණීය අලුත් පෙම්වතා සමඟ අලුත් ජීවිතයක් පටන් ගන්න තීරණය කරපු නිසා.

ඔහු ක්ෂේත්‍රයේ නැගී එන රචකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල. කසුන් සහ මාධවී ගැන කටකතා එකිනෙක නිර්මාණය වෙන කාලෙකදි තමයි ඇය මොහු ගැන කියන්න පටන් ගත්තේ.

කොහොමහරි මේ දෙන්නා ඉතාමත් ඉක්මනින් විවාහ වෙන්න තීරණය කරලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

සරිත් සුරිත් කියන්නෙ අපේ රටේ බොහෝ දෙනා හඳුනන යොවුන් සංගීත කණ්ඩායමක හිමිකරුවන් දෙදෙනෙක් කියලා හැමෝම දන්නවනේ.

ඉතින්මේ දෙන්නා ගිය විදෙස් සංචාරයක් අතරතුර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානයේ කණ්ඩායමක් එක්ක ෆොටෝ එකක් අරගෙන තියනවා.

ඒ ඡායාරූපයේ තමයි අපි හැමෝම දන්න මේ රුව මිලාන් දැකගන්න පුළුවන් වුණේ. 

එයා මේ වෙද්දි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: