hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 30, පෙ.ව. 5:49



මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.

ජැක්සන් ඇන්තනිගේ ආදරණීය එකම දියණිය වගේම පවුලේ වැඩිමලා වන මාධවී ඇන්තනී පිළිබඳව පහුගිය දිනවල අපේ රටේ අතිශයින්ම කතා බහට ලක්වුණා.

පසුගියදා මාධවී නාමල් රාජපක්ෂ මහතා සමඟ ඇති සම්බන්ධය ගැන පුවත්පතකට අදහස් දක්වමින් මෙසේ සඳහන් කළා.

“එයා මගේ හොඳ යහළුවෙක්. තව මට හොඳ යහළුවෝ ගොඩක් ඉන්නවා. එහෙම ජෝඩු කරන්න ගියොත් ඉවරයක් නැතිවෙනවා. ඒක ඔය දේශපාලන උවමනාවන්ට ගහපු මඩක් වෙන්න ඇති. ඒක තවත් එක ෆොටෝ එකක් විතරයි. ඒ ඡායාරූපයට කතා හදනවනම් අනෙක් ඡායාරූපවලටත් කතා හදන්න ඕන. එහෙනම් මට කතාහදලා ඉවරයක් නැතිවෙනවා. එහෙම සම්බන්ධයක් තිබුණා හෝ නැතා හෝ ඒක මගේ පෞද්ගලික කාරණාවක් ඒක කාටවත් වැඩක් නැහැ.

ඔව්. නාමල් අයියා බීලා හිටපු නිසා ගෙදරට ඇරලවන්න මම ගියා කියලත් ගොසිප් දාලා තිබුණා. ඒක මොනතරම් හාසයජනකද කියලා දන්න මිනිස්සු දන්නවා. මොකද නාමල් අයියා මත්පැන් බොන්නේ නැහැ. මස් මාලු කන්නෙත් නැහැ. එයා පාටිවලට ගියාම බොන්නේ ගීන් ටී. අපි බොන්නෙත් ගීන් ටී. මං ගැන එහෙම කතාවක් හදලා දාලා තියෙන්නේ මං ගැන කතා එන්නේ නැති නිසා වෙන්න ඇති.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: