hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 04, පෙ.ව. 12:04



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

මධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.

ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

නිල්මිණි තෙන්නකෝන්ගෙන් ඉවත්ව මේ වෙනකොට එරන්දි එන් සිරිවර්ධන සමග ජීවිතය ගෙනියනවා.

නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළත් ඔහු සිදු කරන යම් යම් පළකිරීම් අතිශය කතාබහට ලක්වනවා.

මේ තියෙන්නේ මධුමාධව සිය මුහුණුපොතට එකතු කරපු සටහනක්.

පිරුනුකලේ දිය නොසෙලේ ඔහොම යමන්

නැති තැනකට බතක් වීම පිනක් සමන්…

ඇවිදින්නට බැරි දුව වඩාගෙන ගිය අම්මාට සහ

එහෙම දරුවෙක් එක්ක දුශ්කර ගමනක් ගිය තාත්තෙක් ගෙ බර කෙනෙක් අතට ගත්තා….

ඇස් කදුලින් පිරුනා

මුහුනට හිනා වැටුනා….

දුන්න මුදලවත් සදහන් නොකරන්න ඉල්ලූ ඔහු.. දරුවගෙ හිසඅත ගා සිප බැහැල ගියා..

මට මතක් උනා ස්වේතගෙ අම්ම , නිල්මිනී රාගම රෝහලේ අපි වෙන් උනායින් පසු වූ අනතුරෙන් පසු පන අදින දාත්..

මගේ කැගැහිල්ලට බයට වේදනවට

ඒ මොහොතෙ සොයාගන්නට නැති “ෆැක්ටර් 8 එන්නත සොයා පාරෙ විදුලි වේගෙන් යන වාහනය එලවගෙන,බෙහෙත් හොයන් අරන් ගියෙත්, එය මිලදී ගෙන කඩා ගෙන අපි නැවත රෝහලට ආවෙත් ඒ සමන් ම තමා..

ඔහු රෝහලට එන තුරුත් , කිව්වේ එකයි.

මාදව බයවෙන්න එපා නරකක් වෙන් නෑ…”

ඇත්තටම නරකක් වෙන්න ඔහු එදා දුන් නෑ…

ඉන් පසු අද වෙන කම් අපි හමු උන වාර මතක තියා ගන්න නැරි තරම්..

කිසි දින ඔහු ඒගැන මන් කතා කරත් කතා කලේ නෑ….

මම දැක්ක ස්වේතගෙ අම්ම, නිල්මිනීත් එදා ඔය දරුවට සමන් තෑගි දුන්න දා..

වේදිකාවට දුවගෙන ඇවිත්….

ලෝකෙටම ඇහෙන්න කිව්ව ස්තූතියි කියල…

සිරිවර්දන පවුලෙම හිතවටෙක් සමන්…

සමන් ඔයාල නැත්තම් මම මැරිලා.

ඇය කිව්ව…

ඔහු හිස නමා එය පිලිගත්තා….

ඒවා ලස්සන වැඩ.. ඔහුට අයිති ස්තූති ඒවා.

කිසිම දාක, දේශපාලනයට එන්න උවමනාවක් නැති

කැපිල පෙනෙන්න.. දගලන්නැති.

කොටින්ම නැති කිසිවක් තියා

ඇති කිසිවකුත් නොපෙන්නන…

මෙවැනි මිතුරන්.. සැබවින්ම ජීවිතයට..

ආලෝකයක්.. හෙවනක්.

ආඩම්බරයක්….

මටත් එහෙම මිතුරන් ටිකක් ඉන්නව…

ඔබටත් ඇති….

ලියන්න ඔවුන් ගැන…

අපි ආඩම්බර වෙන්නම්…

උන් අපිට වඩා හරි ලොකුයි…

මන් ඒ ගැන මහත් ආඩම්බර වෙනවා…

අපේ ආනන්දෙ මිතුරනුත් ඒ ගැන ආඩම්බර වෙනවා….

රටම දන්න, ලොවක් දන්න නමක් හදන්න, ආයතනයක් හදන්න සල්ලි විතරක් තිබිල මදි…

එහෙම සුවද මිනිහෙක් වෙන්න සල්ලි ගොඩාක් විතරක් නෙවෙයි ඕනෙ….

මන් පොර ජාතකයෙන් මිදුන,

ලස්සන පපුවක්..

නැති පට්ටම් තියෙනවා කියන බොරුවට එහා ගිය, පට්ටම් පදවි තානාන්තර අභිභවා යන

නිහතමානි පපුවක්..

බැබලෙන්න බැබලෙන්න බිමට නැමුනු ගස් වල ගෙඩි පොලු ගහල කැඩුවෙ නෑ….

ඒවා වල ගෙඩි ඉවර උනෙත්නෑ..

එහෙම පපු සදා පත්තු උනා…

එහෙම පපුවකට අපි පතන්නේ…..

ලීසන්ස් ආයතනයත් හරහා මෙන්ම

මගෙ සුන්දර මිතුරගෙ පවුලෙ වගේම,

ඔහුගේ ආදරනීය පුතාගෙත් අනාගතයේ…..

තව තව මනුස්ස කමේ සුවද..

පැතිරේවා…

මදු මාදව පිරුනුකලේ දිය නොසිලින්ද.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: