hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 20, ප.ව. 4:20



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

මධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.

ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

නිල්මිණි තෙන්නකෝන්ගෙන් ඉවත්ව මේ වෙනකොට එරන්දි එන් සිරිවර්ධන සමග ජීවිතය ගෙනියනවා.

නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළත් ඔහු සිදු කරන යම් යම් පළකිරීම් අතිශය කතාබහට ලක්වනවා.

පසුගිය දිනෙක ඔහු යම් ඡායාරූපයක් අළලා සිදු කෙරූ පළකිරීම පහතින්,

ඉස්සර වගේ ආදරෙ නැත්තම්…

එයාටත් හොරෙන් කොටුවක් පනින්න…

එදා තිබ්බ ආදරේ දැන් නැත්තම්…වයස කීය උනත්.., එහෙම ආදරයක් පිටින්, හොයා ගන්න….

ඔබ දිනක මැරිල යනව මිසක්.. නිවන් යනවද අපි හරියටම දන් නෑ.... ස්වර්ගෙ යනවද කියල අපි හරියටම දන් නෑ…

ආදරය, රාගය , සෙනෙහස නැතිවත් මන් කාගෙන හිටිය කියල මොකෙක්වත් සම්මානයක් දෙන් නෑ…

එහෙම මිනීවෙලා ඉන්න ඔබට අයිතියක් නෑ…

මොකද ලෝකෙ ලස්සන

ආදරේ විදපු, විදින, විදින්න ඉන්න මිනිස්සුන්ගෙන් මිසක්…

අපි දැන් අම්මල, තාත්තල

කියල යුතුකම් වලට යටවෙලා

තමන්ට තමන්ව නැතිවෙලා..

ජීවත් උනත් මැරිච්ච මිනියක් උන අයගෙන් ලෝකෙම කැත උනා…..

බදින්න නෙවෙයි…

ජීවත් වෙන්න ආදරයක් හොයා ගන්න…

පාඩමක් උගන්නන්න…

උබ වෙනස් නම් මමත් වෙනස්…

පවුල් වෙලා නම් ඉන්නෙ පවුල කඩා ගන්න එපා…

හොරෙන් කොටුවෙන් පනින්න….

හැබැයි ආදරේ සෙනහස රාගය ප්‍රේමය දැන් නැත්තම් විතරක්…

කොටුවෙන් පනින්න….(හොදම යාලුවටවත් නොකිය හැබැයි.. උන් පාවාදෙනවා..)

අපිට එහෙම ඕනෙ නෑ අපි වෙනස්, අපි දැන් මැරිල , අපි දැන් පංසල් පල්ලි කියල හිතන අය..

අපිට ඕවට වඩා වැඩ තියෙනවා…එහෙම හිතන අය….. එහෙම හිතන්න…..

එහෙම නැති අය හිතමු..

අපිට තවම…..

අතින් අල්ලන්න…

සිප ගන්න….

මිරිකන්න…

ඇගිල්ලක් ගෑවුනත් හිරිගඩු එන්න…

තුරුල් වෙලා ඉන්න..

තොර තෝංචියක් නැතිව කතා කරන්න..

තැනක් නොතැනක් නැතිව උනුහුම් වෙන්න..

වල් කම් , ආදරේ, තක්කඩි කම්, කාටවත් නොකියපු කතා එක්ක මත් වෙන්න…..

උරහිසට බර වෙලා තරු ගනින්න…

නලල ඉබල පපුවට තුරුල් කරගන්න..

කකුල් දෙක පලල් කරල ජීවිතේ ඇතුලටම ගන්න….

මේ වගේ ආදරනීය

තක්කඩි සුන්දර අත්දැකීම් තවම තියෙනවනම්..

පනවගේ ඒ ආදරය රැකගන්න..

මොකෙක්ටවත් මොකියක්ටවත් හිතන්නවත් දෙන්න එපා ඔබේ පපුව අස්සට එන්න…

වයස කීයක් උනත් එහෙම පපුව පිරෙන්න ආදරයක් තවම ලබනවනම්…

ඒ ආදරේ ඔබ පරිස්සම් කර ගත යුතුමයි…

එහෙම ආදරයක් දෙන් නැත්තම්…

ඔබේ ඔහු හෝ ඇය…..

හොයා ගන්න එහෙම ආදරයක්….

ලෝකෙටම හොරෙන්….

ලබන ආත්මෙ හමු වෙන්න , නෙවෙයි..

ඔබට ජීවිතේ බෙදා ගන්න

කපටියෙක්ට , කපටිච්චියෙක්ට අහු නොවී…

ආදරයට විශ්වාසයට අහු වෙන්න….

ඔබ ගැහැනියක් උනත්…

පිරිමියෙක් උනත්…

ප්‍රේමය, රාගය, උනුහුම, සෙනෙහස, ආදරය

කියන්නෙම…..

ක්‍රියා පදයක්…….

තියෙනවනම් පන වගේ රැකගන්න…

නැත්තම් වහාම….

වහාම….

වහාම

තාවකාලිකව හරි හොයා ගන්න…….

සම්මතද අසම්මතද ලොකුද පොඩිද අරයද මෙයාද වැඩක් නෑ…

හොයා ගන්න..

ඇයි කියල අහන්න එපා…

හොයා ගන්න..

එච්චරයි….

මදු මාදව කොටුවින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: