hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 23, ප.ව. 2:09



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

මධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.

ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

නිල්මිණි තෙන්නකෝන්ගෙන් ඉවත්ව මේ වෙනකොට එරන්දි එන් සිරිවර්ධන සමග ජීවිතය ගෙනියනවා.

නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළත් ඔහු සිදු කරන යම් යම් පළකිරීම් අතිශය කතාබහට ලක්වනවා.

අද දිනයට නිල්මිණි තෙන්නකෝන්ගේ උපන්දිනය යෙදිලා තිබෙනවා.

ඒ වෙනුවෙන් මධුමාධව සිය මුහුණුපොතට හරි ආදරණිය සටහනක් එකතු කර තිබුනේ මෙලෙසයි.

සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන

නිබද අපි පතන්නෙමු සුබ පැතුම හිත නිවන

“මම එනකන් ඔයාව බලා ගත්ත ආදරනීය අක්කා…..”

ඇය කිව්වෙ එහෙම….

“ස්වේතගෙ ආදරනීය අම්මා…”

මම කිව්වෙ එහෙම……

“ටෙලිනාට්‍ය නිලි රැජින…”

මිනිස්සු කිව්ව එහෙම…

ඉතින් අපි දෙන්න…

උපන් දිනය නුබේ..

අමතක කරන්නේ කොහොම…

සුබ උපන් දිනයක් වේවා..කියන ආදරනීය පැතුම… මගෙත් නිලූගෙත් ඔබට නිල්මිනී….

නිලූ මාදව නිල්මිනිවින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: