hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:06



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

ධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා. ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

මධුමාදවගේ බිරිඳ එරන්දි කියන්නෙත් සමාජ මාධ්‍ය තුළ බොහෝම සක්‍රීය චරිතයක්.

ඇයත් විටින් විට යම් යම් පළකිරීම් සමාජ මාධ්‍ය තුළ සිදු කරනවා.

එරන්දි, නිල්මිණිගෙත් මධුමාදවගෙත් ආදරණීය දියණි, ස්වේතාගේ ඡායාරූපයක් පළ කරමින් සංවේදී සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා.

ඒ සටහන පහතින්,

‘කිරුල හිමි කුමාරිය swetha mandakini දොනි ඔයාගෙ උපන් දිනය දා සුබ අනාගතයක් වෙවා කියල මම පතනව.මම කියන්නද පුංචි කතාවක් ඔබ නොදන්නා.’

‘ඔයාගෙ තාත්තාගේ බිරිඳ වෙන්න ඔනැම ගැහැනියට පුලුවන් උනත් මදුමාදව ගෙ දියනිය නෙමෙයි ජිවිතයේ තියෙන තුරැ ඔහුගේ එකම එක දරැවා කියන වාසනාව තියෙන්නෙ ඔයාට විතරක් මයි.එ තමා ඔහු ඔබට දුන් වටිනාකම.ඉතින් ඔහු හැමදා ස්වෙතා ගෙ තාත්තා පමනමයි.’

‘එ තමයි අප විවාහට ඔහු මගෙන් කල ඉල්ලීම.ඔයා ඔහුට තවත් එක දරුවකු නෙවෙයි මුලු ජිවිත කාලයෙම එ පිය පදවිය ඔබට පමණක් කැප කල බව.ආදරණීය දියනිය ඔබ මගෙත් දියනියයි.ඔයා english medium විතරක් නමි දන්නෙ මෙ මගේ සුබ පැතුම !! You will always be your father’s not only daughter, you’re only child for your father.but know that you have my best wishes on your birthday. May God shower you with his blessings! (මෙ සුබ පැතුම මුහුණු පොතට එක් කිරීමට හෙතුව ඇයට කතා කරන්න හො කෙටි පනිවිඩ යවන්න අප දෙන්නටම access නැති කමයි)’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: