2026 මැයි 08, පෙ.ව. 12:14
අපේ රටේ සිනමාවේ අමරණීය සලකුණ, නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මිය ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.
ඇගේ රුව දශක ගණනාවක් තිස්සේ කැමරා කාචයට හසුකරගත් ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ මහතා, ඉතාමත් හැඟුම්බර සටහනක් සිය මුහුණුපොතට එක් කර තිබෙනවා.ඒ මීට වසර දෙකකට පෙර ඔහු විසින් ගනු ලැබූ මාලිනියගේ අපූර්වතම ඡායාරූප පෙළක් ගැනයි.
1988 වසරේ සිට මාලිනී ෆොන්සේකා මහත්මියගේ ඡායාරූප ගන්නා දයාන් මහතා පවසන්නේ, තමන් ගත් ඡායාරූප අතරින් ලස්සනම ඡායාරූප පෙළ මෙය බවයි. ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ධනුෂ්ක කුමාගේ හැඩගැන්වීම්වලින් ඔපවත් වූ නිළි රැජිනගේ ඒ සුන්දරත්වය ඔහු හඳුන්වන්නේ “නොවියපත් අපූර්වත්වය” ලෙසයි.
මේ ඡායාරූප ගන්නා මොහොතේ දයාන්ගේ හිතට අමුතුම සිතුවිල්ලක් ඇතුළු වී තිබෙනවා. “ඇය මෙතරම්ම ලස්සනට මා දකින්නේ ඇගේ අවසන් ඡායාරූප නිසාද?” කියා එදා ඔහුට සිතුණ බවත්, එවැනි සිතුවිල්ලක් ඇති වුණේ ඇයිදැයි අදටත් තමන්ට විමතියක් බවත් ඔහු පවසන්නේ ඉතාමත් සංවේදීවයි.
ඇගේ මතකය අවදි කරමින් ඔහු සිය සටහන අවසන් කර තිබුණේ, “ආදරණීය රැජිනියනි ඔබට නිවනේ දොරටු වැඩි ඈතක නොවේවා!” යනුවෙන් උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කරමිනි.
සිනමාවේ මහා රැජිනියගේ ඒ අමරණීය සුන්දරත්වය තවමත් ඒ සොඳුරු ඡායාරූප තුළ ජීවමානව පවතින බව නම් නොඅනුමානයි.
2026 මැයි 07, ප.ව. 3:47
2026 මැයි 07, ප.ව. 3:41
2026 මැයි 07, ප.ව. 12:02
2026 මැයි 07, පෙ.ව. 11:52
2026 මැයි 07, පෙ.ව. 11:47
08-05-26
08-05-26
08-05-26
08-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26