hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 30, පෙ.ව. 12:19



පාන් මිලදී ගැනීමට ගිය පුද්ගලයෙකු කුඩා දරුවෙකුගේ ජීවිතයක් බේරාගැනීමෙන් පසු වීරයෙකු පුවතක් ඉතාලියේ ටියුරින් නගරයෙන් වාර්තා වෙනවා.

ඔහු 37 හැවිරිදි වියේ පසුවන Mattia Aguzzi නමැති අයෙකි.

Mattia Aguzzi සහ ඔහුගේ පෙම්වතිය එළිමහනේ ඇවිද යමින් සිටියදී ඉහළින් කෑගැසීමක් ඇසී ඒ පිළිබදව සොයා බැලීමේදී කුඩා දරුවෙකු මහල් ගොඩනැගිල්ලක බැල්කනියෙන් පහලට වැටෙන අයුරු දැක තිබෙනවා.

මහල් නිවාස සංකීර්ණයේ සෙල්ලම් කරමින් සිටියදී වයස අවුරුදු 3ක දැරියක් මෙසේ එම නිවාස සංකීර්ණයෙන් පහලට වැටී ඇත්තේ.

ඔහු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මහල් නිවාස සංකීර්ණය අසලින් ගමන් කරමින් සිටියදී කෑ ගසන ශබ්දයක් ඇසී ඒ දෙසට දිවගිය බවයි.

එහිදී කුඩා දැරිය එම නිවාස සංකීර්ණයේ පස්වන මහලෙන් බිමට ඇදවැටෙන අයුරු තමන් දුටු බවත් එක්වරම දෑත දිගුකර දැරිය සුරක්ෂිතව අල්ලාගත් බවත් ඔහු සඳහන් කරනවා.

එම අවස්ථාවේ දැරිය සමඟ තමන්ද බිම ඇදවැටුණු නමුත් දැරියගේ දිවිබේරාගැනීමට තමන් ගත් උත්සාහය සාර්ථක වූ බවයි ඔහු පවසන්නේ.

කඩිනමින් දැරිය රෝහල්ගතකර ඇති අතර මෙම සිදුවීම දැක්වෙන රූපරාමු පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමඟ මෙම Mattia Aguzzi වෙත ස්තූතිය පුදකරමින් පණිවුඩ ගලා එන බව වාර්තා වෙනවා.

ඉතාලියේ අග්‍රාමාත්‍යවරියද Mattia Aguzzi කළ මෙම සුවිශේෂී ක්‍රියාව සමාජ මාධ්‍ය ඔස්සේ ඇගයීමට ලක්කර ඇති බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: