hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 11, පෙ.ව. 2:22



විශ්ව රූ රැජින කිරුළ සඳහා ඉන්දුනීසියාවේ තරග වදින තරගකාරිනියන් කිහිප දෙනෙකු තමන් ලිංගික අපයෝජනයට ලක් වූවා යැයි පවසමින් පොලීසිය හමුවේ චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ තරගකාරිනියන්ගේ නීතීඥවරුන් සඳහන් කළේ අවසන් මහා තරගයට දින දෙකකට පෙර එනම් අගෝස්තු 3 වන දා සංවිධායකවරුන් ශරීර පරික්ෂා කිරීම සහ ඡායාරූප ලබා ගැනීම සඳහා ඔවුන්ගේ උඩුකය නිරුවත් කරන ලෙස ඉල්ලා සිටි බවයි.

ඉන්දුනීසියාවේ රූ රැජින තරග සඳහා අවසර ඇති නමුත් ඔවුන්ගේ සංස්කෘතියට හානියක් නොවන ලෙස එම තරග පැවැත්වීමට සංවිධායකවරුන් කටයුතු කළ යුතු බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ජකර්තා අගනුවර පොලීසිය සඳහන් කළේ වැඩිදුර පරීක්ෂණ මේ වන විට සිදුකරමින් පවතින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: