hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අප්‍රේල් 07, ප.ව. 12:22



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දින දෙකක්ම ෆේස්බුක් ලයිව් ඔස්සේ ජනතාව අතරට පැමිණියා.

ඔහුගේ ලයිව් වීඩියෝවේ ඒ අවස්ථා දෙකෙහිම කමෙන්ට් ලෙස සඳහන් වූයේ නිවන් සුව ලැබේවා යනුවෙනුයි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටීමේදී නාමල් රාජපක්ෂ මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“ඉතින් ලයිව් එනවා මම. ආයෙත් මම එනවා. අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. අහන්නේ නැති ප්‍රශ්න වලට මට උත්තර දෙන්න විදිහක් නැහැ. හැබැයි ඉතින් මතක තියාගන්න ඕනේ අපි දේශපාලනය කරන්නේ ජනතාව එක්ක. ඉතින් අපි ජනතාව අතරට එන්න කිසිම බයක් නැහැ. මේ අද අපි ඇවිල්ලා ඉන්නෙත් අපේ කණ්ඩායම් නායකයාගේ නගර සභාවට තරඟ කරන කණ්ඩායම් නායකයාගේ නිවසට. ඉතින් මේ වගේ අපි ජනතාව එක්ක ඉන්නවා. ඉතින් ඒ වගේම මම ආයෙත් එනවා. බනින්න ඕන අයට එන්න පුළුවන්. ප්‍රශ්න අහන අයට ඇවිල්ලා අහන්න පුළුවන්. නිවන් සුව පතපු ඒ අයට මම දීර්ඝායුෂ පතනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: