hit counter

2024 මැයි මස 22 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:03



කාලයෙන් කාලයට බිහිවන තරු ගැන හැමෝම වගේ කතාබහට ලක්කරනවා.

විශේෂයෙන්ම කාලයෙන් කාලයට ජනප්‍රිය චරිත බිහිවෙනවා.

ඉතින් එහෙම බිහිවෙන තරු සමහරක් මගදී බැස යනවත් දැකගන්න ලබනේවා.

නමුත් සමහර තරු බොහෝ කාලයක් ජනතා ආදරය එක්කම රැදී සිටිනවා.

එහෙම හැමෝම හදුනගත්ත ජනප්‍රිය තරුවක් සහ චරිතයක් ගැන තමයි මේ කියන්නේ.

ඒ තමයි පොඩ්ඩි.

නාඩගම්කාරයෝ පොඩ්ඩි ඇය තමයි කටකාර පොඩ්ඩි කියලා තමයි හැමෝම මෙයාට කියන්නේ.

ඒ කටකාර බව නිසාම ඇයගේ චරිතය තවත් සුන්දර වෙනවා වගේම් ආදරණිය වෙනවා.

නිම්මිගේ පළමු ටෙලි නිර්මාණය තමයි මෙය.

ඒ කොහොම නමුත් ඇය ඒ චරිතයට උපරිම සාධාරණය ඉටු කළා.

විශේෂයෙන්ම රංගන ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත රැසක් එක්ක තමයි ඇය රංගනයේ යෙදෙන්නේ.

නාඩගම්කාරයෝ ඇතුළතදි සහ ඉන් එහා ක්ෂේත්‍රයේ දිග ගමනක් යන්න නිම්මිට අවස්ථාව උදාවෙලා තියනවා.

ඒ වෙනුවෙන් රංගනය හොඳින් ඉගෙන ගන්නත් ඈ සුදානම්ලූ.

නිම්මි රඟපාන්න කලින් නිවේදිකාවක්.

ඒ නිසා ඈට මේ ක්ෂේත්‍රය බොහෝම හුරුපුරුදු එකක්.

පසුගිය දවසක ඈ වැඩසටහනකට එක්වෙමින් ශිහාන් මිහිරංග ගැන මෙහෙම කතාවක් කියලා තිබුණා.

‘මම ඉස්සර නම් ශිහාන් අයියාගෙ හොඳ ෆෑන් කෙනෙක්. ශිහාන් මැරි කරලා කියලා නිවුස් එක එද්දි මම අනුරාධපුරේ ගිහින් හිටියේ. අම්මා කෝල් කරලා කිවුවා, ශිහාන් මිහිරංග බැන්ඳා කියලා. මම නොකා නොබී දවස් ගාණක් හිටියා.’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: