hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:02



මෙරට සිනමා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ දෙමළ රංගන ශිල්පිනියක් නිරංජනී ශන්මුගරාජා කියන්නේ.

ඇය පණ දුන් චරිත වෙනුවෙන් ජාතික මෙන්ම අන්තර් ජාතික වශයෙන්ද සම්මානයට පාත්‍ර වුණා.

ඇය මේ දිනවල නම් සිනමා ක්ෂේත්‍රයේ ඒ තරම් දකින්න නොලැබුණත් සමාජ මාධ්‍යවල නම් ජනප්‍රියයි.

නිරංජනී ශන්මුගරාජා කියන්නෙ මෙරට සිනමාවේ විශිෂ්ට නිර්මාණ කිහිපයකම පෙනී සිටි සම්මානනීය රංගන ශිල්පිනියක්.

“සුනාමි” වැනි චිත්‍රපටවල ඇය නිරූපණය කළ චරිත බොහෝ පිරිසකගේ කතාබහට ලක්වුණා.

පසුගියදා රසික ජයකොඩිගේ පොත් ත්‍රිත්වයක් එළිදැක්වීමේ උත්සවයට ආරාධිත අමුත්තියක් ලෙස සහභාගී වෙලා නිරංජනී ශන්මුගරාජා අදහස් දක්වා තිබුණා.

“මම තාත්තා නැතුව හැදුණ ගෑනු දරුවෙක්. මම බඩේ ඉන්නකොටම අපේ තාත්තා මාවයි අක්කාවයි දාළා යනවා. ඉතින් අම්මා තනියෙන් තමයි, මගේ පුංචිගෙයි බාප්පාගෙයි උදව්වෙන් අපි දෙන්නාව හදන්නේ. මට වටේ ඉන්න අයගේ ඇඟිල්ල් දික් වෙනවා තාත්තා නැති නිසා එයාලා කියන විදියට තමයි ඉන්න ඕනෙ කියලා. මෙහෙම තමයි හැදෙන්න ඕනෙ,අපි කියන විදියට තමයි ඉන්න ඕනෙ,අපි කියන පාසලට තමයි යන්න ඕනෙ මෙහෙම දේවල් ගොඩක් එක්ක තමයි මම හැදුණේ. මගෙ බලාපොරොත්තුව මොකක්ද කියලා ඇහුවොත් මට තාම එහෙම එකක් නෑ. හේතුව තමයි හැමදාම ඒක අලුත් වෙනවා. පොඩි කාලේ මට එක එක විදියේ ආසාවල් තිබුණා. එක වෙලාවක ඩාන්සර් කෙනෙක් වෙන්න, ගායිකාවක් වෙන්න, යුද්ධය සම්බන්ධ දෙයක් ටීවී එකේ දකිද්දී පොලීසියට යන්න නැත්නම් ආමි එකට යන්න වගේ දේවල් දවසින් දවස මගේ බලාපොරොත්තු වෙනස් වුණා.

පොඩි කාලේ මම කලාව පැත්තට ගොඩක් යොමු වෙනවා කියලා මාව දැම්මා කලාව කියන දේ ගෑවිලාවත් නෑති මුස්ලිම් පාසලකට. එයාලගේ සංස්තුටයට හානි නොවෙන විදියට මම එයාලටත් කලාව කියලා දුන්නා. අපේ පරම්පරාවේ ගෑනු ළමයි අවුරුදු 20න් බැන්දා. ජීවිතේ දැක්කේ නෑ, ලෝකෙ දැක්කේ නෑ හස්බන්ඩ් විතරයි ලෝකෙ. මට ඕනෙ වුණා මේක කඩන්න. මං ආවා කොළඹට නුවර ඉඳන්. මම රූවපවාහිනියේ වැඩ කළා,වේදිකා නාට්‍ය නිළියක් වුණා,සිනමා නිළියක් වුණා, විවිධ දේවල් කළා. හැබැයි මේ කරපු හැම දේකටම මගේ ෆැමිලි එකේ සපෝට් එකක් තිබුණේ නෑ. අද වෙනකොට මට අවුරුදු 34යි. මම තාම බැඳලා නෑ. හරි ෆ්‍රී එකේ ඉන්නේ. ජීවත් වීම තමයි ජීවිතේ වැදගත්ම දේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: