hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 25, පෙ.ව. 11:44



කැලණිය විශ්ව විද්‍යාලයේ  කන්නන්ගර සිසු නේවාසිකාගාරයේ සිටි සිසුවකු හට ඊයේ (24) රාත්‍රි ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කිරිමෙදි  මියගොස් ඇත. 

මෙසේ මියගොස් ඇත්තේ කරමැටිය බෝගහපැලැස්ස බඩල්කුබුර පදිංචිව සිටි නිරෝෂන ලක්මාල් නමැති සිසුවෙක් බවත් එම සිසුවා  04 වන වසරේ (කලා අංශයේ)  අධ්‍යාපනය ලබමින් සිටි බව සිසුවෝ පවසයි. 

මෙම සිසුවා මියයාමත් සමග එම විශ්වවිද්‍යාලයේ  ශිෂ්‍යයෝ අද (25) අලුයම් කාලයේ සිට විශ්වවිද්‍යාලයට ඇතුල් වන දොරටු වසා දමා ඒ ඉදිරිපිට වාඩිවී  සිටිනවා.  

ඔවුන් පවසන්නේ එම ශිෂ්‍ය නේවාසි ගාගාරයේ සිටි සිසුවා රෝගී වී සිටි අවස්ථාවේ පරිපාලනයට දැන්වුවත් වාහනයක් ලබාදීමට විනාඩි හතළිහකට පමණ කාලයක ගතවූ බවත්ය. 

කෙසේ නමුත් අසාධ්‍ය තත්ත්වයේ පසුවු සිසුවා රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවත් , මීට විනාඩි කිහිපයකට  පෙර සිසුවා රැගෙන පැමිණියේ නම් ඔහුගේ ජීවිතය බේරා ගත හැකිව තිබු  බව  රෝහල් වෛද්‍යවරුන් පවසා ඇතැයි සිසුවෝ පවසයි.

මේ හේතුවෙන් සිදුවූ ප්‍රමාදයට පරිපාලනය වගකිය යුතු යැයි පවසමින් මේ වන විට සිසුන් විශ්ව විද්‍යාල මාර්ගයේ රැඳී සිටිමින් පරිපාලනයේ ක්‍රියා පිළිවෙතට  විරෝධය පළ කරනවා.

නිරෝෂණ ලක්මාල්ගේ හදිසි වියෝවයෙන කම්පනයට පත්වූ සරසවි සිසුන් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවල තැබූ සංවේදී සටහන් කිහිපයක් පහතින්,

– උපුටාගැනීම –

“කොහෙත්ම මානසික ගැටලුවක් තිබ්බෙ නෑ.. හැමදේම ලස්සනට කරගෙන ආව කොලුවෙක්. හිත පොඩ්ඩක් හරි අවුල් ගියොත් මාව හොයන් එනවා,එක්කො msg එකක් හෝ cl එකක් ගන්නවා. උඹ මේ කැලණි අහස යට හිටපු සුජාත පුතෙක්.. මේ වියෝව දරාගන්න ඒ මවුපියනට සහෝදරයට ශක්තිය ධෛර්යය ලැබේවා. ආත්මයට යහපතක්ම වේවා…”

මොකක් හරි කරලා හිත හදාගන්න තිබ්බා උඹ උඹේ ජිවිතේ නැති කරගත්ත නම්, ඒක උඹේ කැමැත්ත කියලා, ඒත් ලැප්පෙක ඉස්සරහට වෙලා වැඩ කර කර ඉද්දී උඹවත් නොහිතපු වෙලාවක උඹ මැරුණා!
ඒ වගේ තැන්වල සොබාදාහ හරි ආසාධාරණයි, හරී කූරීරු විදියටයි මිනිස්සුන්ගේ ජීවිතවලින් පළිගන්නේ
දවසක් කූඹා මට ඇවිල්ලා කියනවා,
” අයියේ අපේ මොණරට පොඩ්ඩක් කතා කරනවද, ඌ කා එක්කවත් වැඩියේ කතා කරන්නෙත් නෑ. කවුරු හරි සින්නෙක් හයියෙන් කතා කළත් ඌ බය වෙනවා අයියේ. පොඩ්ඩක් ඌට කතා කරලා බලනවද?” 
ඉතිං මොණරා කියන්නේ කූඹා ඔය කීවටත් වඩා අහිංසක් කොල්ලෙක්!
මගේ ජිවිතේ මේ වෙනකං මට හම්බුණ අහිංසක ම මනුස්සයෙක් තමයි මොණරා. මිනිහෙක්ගේ හිතක් රිදෙන්න වචනයක් කියන්නේ නැති, තරහා යනවා කියන එක දන්නේ නැති, වෛරය, ප්‍රචණ්ඩත්වය අඳුනන්නේවත් නැති අහිංසක කොල්ලා අද යන්නම ගිහිල්ලා.
කැම්පස් එකේ අන්තිම ම කාලේ දවසක් මාව දැකලා ඇවිල්ලා කතා කරලා, ගලිවර් අයියේ අපි දෙන්නගේ පොටෝ එකක් නැහැනේ. අපි දෙන්නා පොටෝ එකක් ගහමු කියලා ගැහුව සෙල්ෆිය විතරයි මට දැන් තියෙන්නේ. 
උඹවත් නොදැන, උඹ අවසන් ගමන් ගිය එක. තමයි දරන්නම බැරි ම. 
අහිංසක ම ජුන්නා
සුව නින්දක් සොයුර!

මොනාද රත්තරන් මල්ලි මං උබට කියන්නෙ
මේකටද හැමදාම 
අක්කේ මං අම්මටයි, තාත්තටයි ආදරේ 
ඒ දෙන්නා බලාගන්න ඕනි 
කියන එකම විතරක් කිය කිය හිටියෙ
එක කුසේ ඉපදුනේ නැති වුනාට,
කැම්පස් එකේදි හම්බවුනාට, 
උබ මගේම මල්ලි රත්තරන්
දුක හිතුන ගමන් මං කියවන ඔක්කොම අහන්  ඉන්න හිටියෙ ඔයා මල්ලී,
ඔයා නැති වේදනාව දැන් කොහොමද දරාගන්නෙ රත්තරන්
මතු උපදින ආත්මෙක උබ මගේම මල්ලි වෙන්න ඕනි
සුබ ගමන් මගේ මල්ලී





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: