hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 දෙසැම්‍බර් 14, ප.ව. 12:37



මේ දිනවල ලාංකේය සංගීත ක්සේත්‍රය තුල නිමවුණු ගීතයක් අන්තර් ජාතික වශයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ ප්‍රවීන ගායක රූකාන්ත ගුණතිලකගේ බාල දියණිය වින්ඩි ගුණතිලක ගයන “අයියෝ සාමි” ගීතය.

එය මේ වනවිට ඉන්දියාව පුරා ජනප්‍රියත්වයට පත් වුණ. වින්ඩිගේ පෙම්වතා වන ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහ මෙම ගීතයේ සංගීත අධ්‍යක්ෂනය කරලා තියෙනවා.

මෙම ගීතයේ සිංහල අනුවාදය මේ වන විට ඔවුන් එළිදක්වා තියෙනවා.

එම ගීතයේ නම “නුඹයි මමයි.”

‘අයියෝ සාමි’ ඒ විදියට ජනප්‍රිය වෙද්දි එහි සිංහල ගීතය “නුඹයි මමයි” නිර්මාණය ද මේ දවස්වල කවුරුත් අතර ජනප්‍රිය ගීතයක් බවට පත්වෙලා.

ඒකත් ලංකාවේ විතරක් නෙවෙයි.

දැන් ලංකාවේ සිංහල සිංදුවකුත් තියෙනවා #NumbaiMamai. ඒ ගැම්ම පට්ට ආතල්

#19 Trending in United Arab Emirates





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: