hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 14, පෙ.ව. 12:04



ඉන්දියාවේ හිටපු නිරූපිකාවක් වන දිව්‍යා පහුජා ඝාතනයේ විත්තිකරුවෙකු බටහිර බෙංගාලයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය  සදහන් කර ඇත.

ජනවාරි 2 වැනිදා දිව්‍යාව පස් දෙනෙකු විසින් හොටෙල් සිටි පොයින්ට් වෙත රැගෙන ගොස් අංක 111 කාමරය තුළදී වෙඩි තබා ඝාතනය කර ඇති  අතර ඇයගේ සිරුර මෙතෙක් සොයාගෙන නැත.

BMW මෝටර් රථයකින් සිරුර රැගෙන ගිය බව කියන බල්රාජ් සිං සහ රවී බංගා එය Ghaggar ගඟට විසි කරන්නට ඇති බවට  පොලිසිය සැක කරන බව ජ්‍යෙෂ්ඨ විමර්ශකයෙක් පවසා ඇත.

හිටපු නිරූපිකාවගේ ඝාතනය සම්බන්ධයෙන්  තවත් චූදිතයෙකු වන  බල්රාජ් ගිල් ඊයේ සවස කොල්කටා ගුවන් තොටුපළේදී ගුවන් යානයකට යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් තවත් චුදිතයෙක් වූ රවී බංගා තවමත් පලාගොස් සිටින අතර ඔහු සොයා ගැනීමට උත්සාහ ගන්නා බව පොලිසිය පවසා ඇත.

එසේම පොලිස් කණ්ඩායමක් ද කිමිදුම්කරුවන්ගේ සහාය ඇතිව මෘත ශරීරය ගඟෙන් ගොඩ ගැනීමට උත්සාහ කරන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරුවන් වන අභිජිත් සිං, හේම්රාජ් සහ ඕම්ප්‍රකාෂ් මීට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ආරංචි මාර්ග තුලින් හෙලිවුයේ  පහුජාගේ දුරකථනයේ අභිජිත් සිංගේ අසභ්‍ය වීඩියෝ කිහිපයක් තිබූ බවත්, ඒවා මකා දමන ලෙස ඉල්ලා සිටි නමුත් ඇය එය ප්‍රතික්ෂේප කිරීමත් සමග එය ගැටුමක් දක්වා දුරදිය යන්නට ඇති බවයි.

පසුව ඇය එම  ඡායාරූප යොදාගනිමින් ඔහුව  බ්ලැක්මේල් කරමින් සිටි බව කියනු ලබන අතර, මෙම සිදුවීම  සිං සහ ඔහුගේ සහායකයින් දෙදෙනෙකු ඇයට වෙඩි තැබීමට හේතු විය හැකි බවට පොලිසිය සදහන් කර ඇත.

පොලිසිය පැවසුවේ අභිජීත් සිං නිරුපිකාවගේ මළ සිරුර සහිත මෝටර් රථය හෝටලයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් බල්රාජ් ගිල් වෙත භාර දී ඇති බවයි.

Gurgaon පොලිසිය විසින් BMW මෝටර් රථය පන්ජාබ් හි Patiala හි බස් නැවතුම්පළක දමා තිබියදී  ජනවාරි 5 සොයාගෙන ඇත.

කෙසේවෙතත් 27 හැවිරිදි Pahuja, 2016 දී ඇගේ එවකට පෙම්වතා සහ ගුරුග්‍රාම් මැර කල්ලියක් වන Sandeep Gadoli ගේ සබධතා සම්බන්ධයෙන් වසර හතක් සිරගතව සිටි තැනැත්තියක් වූ අතර ඇයට පසුගිය වසරේ ජුනි මාසයේදී ඇප ලබා දී තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: