hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 18, පෙ.ව. 10:12



සමහර මිනිස්සු මිය ගියාම දැනෙන හිස්කම සහ වේදනාව වචන කරන්න නොතේරෙන තරම්.

එහෙම මිය යන්නේ දේශපාලනය කළ අයෙක් නම් තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි.

මෑත කාලීනව ඊට ඕනෑ තරම් උදාහරණ අපි දැක්කා.

නමුත් ඒ මිය ගියේ හදවතින්ම ජනතාවගෙ දුක හැඳින ගත්, සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තේ සිටගත් අයෙක් නම්.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, සාමාන්‍ය ජනයාට හිතැති තෙවරප්පෙරුම මහතා පෙරේදා (16) මරණයට පත්වූයේ සිය පුද්ගලික වත්තේ වැඩ කරමින් සිටියදී විදුලි සැර වැදීමක් හේතුවෙන් බවයි සඳහන් වූයේ.

ඔහු මීට ටික කාලයකට ඉහතදී තම පුතා සම්බන්ධයෙන් සංවේදී වෙමින් මෙසේ අදහස් දක්වා සිටියා.

“ලොකු පුතා ඉන්නේ ගේ ඉස්සරහ පඩි පෙළ ළග. යාලුවෝ ටික ලක්ෂ ගණන් වියදම් කරලා ගල් අල්ලලා සොහොනක් හදලා තිබුණා. ඒක එහෙමම කඩලා දැම්මා යාලුවෝ කියපු හැමදේම ඇහුවා. නමුත් මම පුතාව අරන් යන්න දුන්නේ නැහැ. මමමයි jcb එක ගෙනාවේ, මමමයි එය්හන වල හෑරුවේ. පස්සේ හොද ලස්සනට හැදුවා. දැන් උදේ හවස පුතා මට පේනවා. අපි එයාට පින් දහම් කරනවා. පුතා කියන්නේ මගේ ජීවිතේ. පුතා නැති වුණ දවසේ ඉදන් මට දැන් අවුරුදු ගාණක් තිස්සේ නින්ද යන්නේ නැහැ. Sleeping Tablet එකක් බොනවා ඒත් පුටුව උඩ පැයක් වගේ නින්ද යනවා එච්චරයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: