hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:08



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

පියුමිගේ නමත් එක්ක කියවෙන තවත් නමක් තමයි චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ.

ඔහු මෙරට සිටින අංක එකේ ජනප්‍රියම රූපලාවන්‍ය ශිල්පියෙක්.

පියුමිගේ හොදම යාලුවා වෙන්නේ චන්දිමාල් ජයසිංහ.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින 2023 තරඟාවලියේ අවසාන මහා තරඟය මේ වන විට කොළඹ නෙළුම් කුළුණ රඟහල් පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.

ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2022 – ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් (Sargam Kaushal) මහත්මිය ද සහභාගී වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා එම අවස්ථාවේදී අදහසක් දක්වමින් තම හොඳම මිතුරිය වන පියුමි හංසමාලි ගැන කියා සිටියේ මෙලෙසයි.

“මෙතනට අවෝර්ඩ් ගන්න මම එන්නේ නැහැ මට අවෝර්ඩ් එපා කියන මගේ හොඳම යාලුවා පියුමි හංසමාලි.”

එම අවස්ථාවේදී පියුමි සිය අත්දෙක ඔසවා චන්දිමාල්ට ඒ සඳහා ප්‍රතිචාර දැක්වූයේ සිනාමුසු මුහුණින් යුතුවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: