hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 15, පෙ.ව. 12:04



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

අසරණ අයට උදව් කරන පියුමි හරි කැමති කෙනෙක් කියලා කිව්වොත් හරි.

“සිහිනයකි ආදරේ” Movie premiere එක බලන්න ඇවිත් හිටපු පියුමි හංසමාලි චිත්‍රපටය ගැන අදහස් දක්වා සිටියා.

“මං මේ Film එක බලන්න එන්න Main හේතුව පූජා අක්කි. මම එයාව තමයි දැක්කෙ invitation එකේ. මම ශේෂාද්‍රිට එහෙම හරි ආසයි. හේමාල්ටත් සුබ ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍යයෙන් මම යෞවනයේ ඉන්න නළුවන්ට එහෙම ලොකු interest එකක් තියෙන කෙනෙක් නෙවෙයි. මොකද මට මහත්තයෙකුත් ගෙදර ඉන්නවනෙ”

“හේමාල් කියන්නෙ දක්ෂ රංගන ශිල්පියෙක්. ලංකාවෙ දැනට උඩින් ඉන්න අයගෙන් එක්කෙනෙක්. film එකේ සමහර scenes බලද්දි ඉන්දියාවෙ ‘ධනුෂ්’ව දකිනවද කියලත් අපිට හිතුණා. ඒක මං මගෙ යාලුවා එක්කත් කිව්වා. අපි ධනුෂ්ගෙ film එකක් බලලා සමහර වෙලාවට හේමාල්ව බලනකොට දෙන්නගෙ acting එක වගේ. ඉතිං අපිට සතුටුයි, ඉන්දියාවෙ වගේ එක්කෙනෙක් ලංකාවෙත් ඉන්න එක අපිට හරි proud. හේමාල්ටත්, film එකේ ඉන්න ඔක්කොටමත් සුබ ප්‍රාර්ථනා කරනවා..!”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: