hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 ජනවාරි 26, ප.ව. 4:15



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

අසරණ අයට උදව් කරන පියුමි හරි කැමති කෙනෙක් කියලා කිව්වොත් හරි.

තමන්ට ආදරේ කරන හැමෝම වෙනුවෙන් සිය පෞද්ගලික ජීවිතේ විශේෂ කාරණා ගැනත් තොරතුරු සමාජ මාධ්‍යට එක්කාසු කරන්න ඈ අමතක කරන්නෙ නෑ.

පාරේ ඉන්න අහිංසක මිනිස්සු විතරක් නෙවෙයි පොඩි පොඩි වෙළඳාමක් කරලා කාටවත් හරදරයක් නැතුව ජීවත් වෙන මිනිස්සු පවා මේ වගේ සමාජ මාධ්‍ය ඇතුලේ රංගන පිරිසට නම් විහිළුවක් වෙලා කියන එක සෝෂල් මීඩියා බැලුවාම නම් පේනවා.

ඉතින් මේ පියුමි කියන්නෙත් ඒ වගේ කෙනෙක් ගැන කතාවක්.

ඇය කියන විදිහට නම් බොහෝ දෙනෙක් හඳුනන උෂාන් කියන මේ සමාජ මාධ්‍යයේ සැරිසරන තරුණයා සල්ලි බෙදනවා කියලා කරන්නේ බොරුවක්ලු.

ඇත්තටම කෙනෙකුට යමක් දෙන්නම ඕන නම් මේ වගේ ඒක සමාහය ඉස්සරහා පේන්නම කරන්න ඕනද..?

ඇත්තටම ඒක ඇතුළේ නම් තියෙන්නේ ප්‍රශ්නාර්ථයක්.

කොහොම වුණත් පියුමිට ඔහු කරන මේ වැඩේ ගැන කියන්න දෙයක් තියනවා..

ඇය නම් කියන්නේ උෂාන්ගේ මේ කෙරුවාව දැන් කාලයක් තිස්සේ ඇය හොඳටම දන්නවා කියලා.

මේ අන්න ඒ කතාව ගැන පියුමි ඇගේ මුහුණු පොතට එක්කළ සටහනක්.

“මට පෙන්නන්න බැරි කොල්ලෙක් මේ.. ඒ දවස්වල ඉදලම මම දන්නවා මේ කොල්ලා උදව් කරනවා කියලා තනිකරම බොරැව කරන්නෙ.. මුණ දැක්කම තෙරෙනවා මාරම කපටි කියලා… මල්ලි, ඔච්චර කියවන්න දෙයක් නැ… සල්ලි දිලා යන්න මල්ලි මොකද උදේ නැගිට්ට වෙලේ ඉදලම මම පාරෙ සිගමන් අදින හැමොට 5000 ගානේ දිලා යන්නේ.. ඔය වගේ බයිලා කියව කියවා ඉන්නෙ නැ… කියවන බයිලාවලින්ම තේරෙනවා video එකට ඔච්චර කියවන්නෙ කියලා… ඇයි ඔහොම බොරු කරන්නේ කාවද රවට්ටන්නේ..? ඔයිට වඩා හොදයි මල්ලි හිඟා කෑවා නම්..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: