hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මාර්තු 16, පෙ.ව. 5:58



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

ඉතින් මේ දවස්වල පියුමි අපේ කලා ලොවේ තරුවකට උදව් කරන්න යනවා කියන පුවත ඒෂියන් මිරර් අපි ඔබට ගෙනාවා මතක ඇති.

ඒ සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට.

මේ වර්ෂයේදී සිදු කරපු පරීක්ෂණ මගින් ඇය පිළිකාමය රෝගී තත්ත්වයට ආයෙමත් සැරයක් ගොදුරු වෙලා කියලා දැන් හැමෝම දන්නවා.

ඉතින් ඒ සඳහා ඇයට යන වියදම ලබා දෙන්න පියුමි හංසමාලි ඉදිරිපත් වුණා.

පසුව ඇය උදව් නොකළ බවට සුසන්තා චන්ද්‍රමාලි සිය මුහුණුපොතේ සටහනක් පළ වුණා.

එම සටහන සම්බන්ධයෙන් පියුමි සිය මුහුණුපොතේ සටහනක් තබමින් සුසන්තා චන්ද්‍රමාලිගේ දියණියට බැන වැදී තිබෙනවා.

ඒ අතරවාරයේ සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට උදව් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වී තිබෙනවා.

ඔහු විසින් දින තුනක් ඇතුළත ඇයට අවශ්‍ය සියලුම එන්නත් ලබාදීමට කටයුතු කළ බවයි සමාජ මාධ්‍යයේ තොරතුරු හුවමාරු වන්නෙ.

මේ අතර, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නවතම සටහනක් එක් කර මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ විදිහට අදහස් දක්වා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: