hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 24, පෙ.ව. 12:00



ඇය අපේ රටේ සම්මානනීය රංගන ශිල්පයක්..

ඒත් එක්කම ඇගේ කලා ගමන ලංකාව ඇතුළෙදි නම් ගොඩක් සාර්ථක වුණා කිව්වොත් හරියටම හරි.. 

අංජලිකා, රෝස කැලේ, ආසයි මං පියාඹන්න, කුස පබා, පත්තිනි, වගේම සරිගම යන නිර්මාණ ඇගේ දිවියේ ඇය සම්මානනීය නිළියක් බවට පත්කරන්නට පාර කැපූ මාවත වුණා..කොහොම වුණත් පූජා ගැන පසුගිය දවස්වල පැතිර ගිය කතා නම් ඒ තරම් හොඳ වුණේ නැහැ..

ඇය මේ හැම දෙයක්ම කලේ ලොකු කලකිරීමකින්ද බොහෝ දෙනෙක් ඒ ගැන හිටියේ විමසිල්ලෙන්.. කොහොම වුණත් මේ කතාවල සත්‍ය අසත්‍යතාවය ගැන පූජා විවිධ අවස්ථාවන්වලදී අදහස් දක්වල තිබුණා..

කොහොම උනත් ඇය නම් කියන්නේ මේ දවස්වල ඇය ඉන්දියාවෙ බැංග්ලෝර්හි නිවසක ජීවත් වෙන බවයි.. හින්දු ආගම අදහන කාන්තාවක් වන ඇය මේ වෙනකොට බයිබලයට තමන්ගේ හිත නැඹුරු කරන බවයි ඇය නම් පවසන්නේ.. කොහොම වුණත් මේ ආරංචිය ගැන ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති..

මොන දහමක් වුනත් මිනිස්සුන්ට ළං කර දෙන්නේ හොඳ පණිවිඩයක් විතරයි නේ.. ඒත් මිනිස්සුන්ගේ මේ කතාවලට වඩා පූජට කරන්න තියෙන වැඩ කන්දේ වැඩි හන්දා සමහරක් වෙලාවට ඇය මේ වගේ දේවල් ගැන අදහස් දක්වන එකෙන් පවා වැළකිලා හිටියා..

වරින් වර මේ ගැන එක එක කතා අහන්න ලැබුණත් අවසානයේදී පූජා කියල තිබුණේ විවාහ වෙලා අවුරුදු ගානක් වුණත් තමන්ට ගත කරන්න බලාපොරොත්තු නොවුණු අත්දැකීම්වලට ඒ ජීවිතය ඇතුලේ මුහුණ දෙන්න වුණා කියන එකයි.. මේ කතාබහ ඔක්කොමත් එක්ක ඇගේ රංගන ජීවිතය ගැන තවත් දෙනෙක් විමසිලිමත් වුණා..

ඒත් පූජා නම් කියන්නේ තමන් රංගනයෙන් ඈත් වුණේ 2016 වසරදී කියලයි.. ඒකටත් හේතුව ඇගේ විවාහය ලු.. විවාහයන්ගේ අසාර්ථකත්වය නිසා ජීවිතය කලකිරී සිනමාවෙන් සමුගත් බව ඇය මීට පෙරත් පවසා තිබුණා..
තමන්ගේ අවසන් චිත්‍රපට රංගනය “සරිගම” වූ බවද ඇය කියන අතර එම සමුගැනීම ඒ දිනවලම තමා නිවේදනය කළ බවත් ඇය මෙහිදී කියා තිබුණා..

ඇය ලංකාව අතැර ගොස් නැති බවත් වරින්වර ඇවිත් යන බවත් මෙහිදී කියා සිටි අතර ජනවාරියේ එන්නට සිටි ඇය ජුනි මස නැවත එන්නට අවස්ථාවක් සලසාගෙන ඇති බවද පවසා තිබෙනවා..

තමා ගෙදරට වී තමන්ට ජීවිතයේ මගැහැරුණ විවිධ දේ ගැන ඉගෙනීම් කටයුතු කරගෙන සතුටින් සිටින බවත් මේ තීරණය නිසා ඇයට ආදරය කරන බොහෝ පිරිස් වඩාත් කනස්සල්ලට පත් වී සිටින බව ඇය දන්නා බවත් තමයි පූජා නම් වැඩිදුරටත් කිව්වේ..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: