hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 21, පෙ.ව. 12:00



ජනප්‍රිය නිළි පූජා උමශංකර් සිනමාවෙන් ඉවත්වී අධ්‍යාත්මික ජීවිතයකට යොමුවීම සම්බන්ධයෙන් මාධ්‍ය තුළ පළවූ පුවත සම්බන්ධයෙන් ඇය ඉන්දියාවේ බැංගලෝරයේ සිට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

සියත පත්තරේ වැඩසටහනේ රංගන අමතමින් ඇය දුරකථනය ඔස්සේ ඒ ගැන පිලිතුරු සපයා තිබෙනවා.

තමා මේ වනවිට ඉන්දියාවේ බැංගලෝරයේ නිවසේ සිටින බවත් බයිබල් අධ්‍යයනය, ඉවුම් පිහුම් ඉගෙනීම, ගෙවතු වගාව හා සුරතල් මාළු ඇති කිරීම වැනි වැඩ කරමින් කල් ගෙවන බවත් ඇය පවසා තිබෙනවා.

ආරංචියේ තිබුනේ ඇය කතෝලික පල්ලියකට සම්බන්ධවී ඉදිරි ජීවිතය ගතකිරීමට යොමුුව ඇති බවටයි.

මේ ගැන විමසීමේදී ඇය කියා සිටියේ තමා දිගු කාලයක සිට කිතුණු දහම සම්බන්ධ ඉගනීම සිදුකරන බවත් මේ නිසා සමාජ මාධ්‍ය තුළ තමා එම දහමේ පණිවිඩ නිරන්තරයෙන් බෙදාගත් බවයි. නමුත් එය තමන්ගේ ආශාවට සිදුකළ අධ්‍යයනයක් පමණක් බව ඇය කියා තිබෙනවා.

විවාහයන්ගේ අසාර්ථකත්වය නිසා ජීවිතය කලකිරී සිනමාවෙන් සමුගැනීම යන්නට ඇය පිළිතුරක් සපයමින් පවසන්නේ තමා සිංහල සිනමාවෙන් සමුගත්තේ මීට වසර 8 කට පෙර 2016 දී බවයි.තමන්ගේ අවසන් චිත්‍රපට රංගනය සරිගම වූ බවද ඇය කියන අතර එම සමුගැනීම ඒ දිනවලම තමා නිවේදනය කළ බවත් අලුතින් ඒ ගැන සඳහන් කරමින් 2024 පුවතක් පළවීම සිදු කළ යුතු දෙයක් නොවන බවත්ය. කෙසේ වෙතත් පූජා විවාහය ගැන කිසිවක් කථා නොකිරීමට මෙම ප්‍රශ්න කිරීමේදී වග බලාගත්තා.

ඇය ලංකාව අතැර ගොස් නැති බවත් වරින්වර ඇවිත් යන බවත් මෙහිදී කියා සිටි අතර ජනවාරියේ එන්නට සිටි ඇය ජුනි මස නැවත එන්නට අවස්ථාවක් සලසාගෙන ඇති බවද පවසා ඇත.

තමා ගෙදරටවී තමන්ට ජීවිතයේ මගැහැරුණ විවිධ දේ ගැන ඉගෙනීම් කටයුතු කරගෙන සතුටින් සිටින බවත් පූජා අවසන් වශයෙන් කීවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: