hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 09, පෙ.ව. 12:02



ප්‍රකට ගායන ශිල්පියෙකු හා කාලයක් රංගන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මේ වනවිට අසනීප තත්වයෙන් යුතුව විවේක සුවයෙන් කල් ගෙවයි.

මීට වසර 04 කට පමණ පෙර 2020 දී ඔහු වකුගඩු සැත්කමකට ලක්වූ අතර ඒ දිනවල ඔහුට වකුගඩුවක් ලබාගැනීම පිණිස මාධ්‍ය දැනුම්දීම්ද පළ කෙරිණි.

ඔහුගේ සුවය වෙනුවෙන් කලාකරුවන් එකමුතු විය.

ප්‍රියංකර පෙරේරා යනු නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරාගේ පුත්‍රයෙකි.

ප්‍රවීණ සිනමා නිළි දිල්හානි අශෝකමාලා ඔහුගේ බිරියයි.

ප්‍රියංකරගේ පුතු ඩිල්මින්ද ගායන ක්ෂෙත්‍රයට පිවිස තිබෙනවා.

ප්‍රියංකර පෙරේරාගේ රෝග තත්වයන් ඉස්මතුවීම සමග මේ වනවිට ඔහුගේ වම් පාදය ඉවත් කර තිබෙන අතර මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ඔහුගේ වත්මන් ස්වරූපය පෙන්නුම් කරන ඡායාරූපයක් හුවමාරු වෙමින් පවතී.

ප්‍රියංකරගේ ලෙඩ බලන්නට ගිය හිතවතෙකු ලබාගත් ඡායාරූපයක් ලෙස සැලකිය හැකි මුත් මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත්කිරීම ඔහුගේ පුද්ගලිකත්වයට හානිකර බවට විවේචන පළව තිබෙනවා.

පසුගිය දවසක ඇතිවුණ මේ අසනීප තත්වයත් එක්කම මෙදා සැරේ ඔහුගේ උපන්දිනය දවසේ ඔහුට නීරෝගී සුව පතපු බොහෝ දෙනෙක් හිටියා.

ඉතින් ලොකු ලොකු උපන්දින සාද පවත්වන්න බැරි වුණත් මේ ලස්සන දවස ප්‍රියංකරගේ ජීවිතේම වෙච්ච ආදරණීය බිරිඳ දිල්හානි වගේම පුතා දිල්මින් දෙන්නාම මේ වගේ ආදරණීය ඡායාරූප පෙළක් එක්ක සුබ පතන්න අමතක කරලා තිබුණේ නැහැ.

දිල්හානි වගේම ඔහුගේ එකම පුතාත් මෑත කාලයේදී ඔහුගේ ඡායාරූපයක් එකතු කරලා මේ උපන්දින සුබපැතුම සමාජමාධ්‍යයට එක්කරලා තිබුණ එකත් ගොඩක් විශේෂ දෙයක් වුණා.

ඒ වගේම ප්‍රියංකර පෙරේරාගේ ආදරණීය බිරිඳ දිල්හානි අශෝකමාලා ද ආදරණීය උපන්දින සුබපැතුමක් ඔහු වෙනුවෙන් තබා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: