hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 08, ප.ව. 6:31



පහුගිය දවස්වල වැඩි වශයෙන් කතාබහට ලක්වුණු තරුවක් බවට ජනප්‍රිය ගායන ශිල්පිනි රයිනි චාරුකා පත්වුණා.

ඒ ඇය ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායම එක්ක ඊශ්‍රායලයේ ප්‍රසංගයකට සහභාගි වුණු මොහොතෙ මුහුණ දුන්නු අනපේක්ෂිත සිදුවීමත් සමඟ.

ඇත්තටම එදා මොකද වුණේ, මේ රයිනි ඒ ගැන කියන කතාව…

”මේ ප්‍රසංගය ආරම්භ කරල පැය 2 1/2 ක් වෙනවා.මම දෙවැනි සින්දුව කියනකොටයි LED WALL එක වැටෙන්නේ.මට මොකුත් අදහසක් තිබුණේ නැහැ. මම මුලින්ම දැක්කෙ ගිටාරිස්ට් කලන්තෙ දාල සිහිනැතිවෙලා වැටෙනවා.මම දන්නෙ නැහැ ඒක කොහොම වුණා ද කියලා.නමුත් මට LED WALL එක ඇල්ලෙනවා.ඊට පස්සෙ LED WALL එක අල්ලගෙනම හිටියා. මොකද පිටිපස්සෙ කවුරු හරි යටවෙලාද දන්නෙ නැහැ කියලා..”

”ඒක හරි තිගැස්මක්. ඒ වෙලාවේ ආපු අදහස මේ දැන් මට කියන්න තේරෙන්නෙ නැහැ.ඇත්තටම මම බය වුණේ කාටහරි අනතුරක් වෙලා ඇති කියලයි.පස්සෙ තමයි මට තේරුණේ ස්ටේජ් එක කඩාගෙන වැටිල කියලා.වේදිකාව පිටිපස්සෙ තව ගායක ගායිකාවො වගේම සෙනඟ රැස්වෙලා හිටියා.ඒ වෙලාවෙ එක එක දේවල් ඇඟේ ඇවිල්ලා වැදුණා.”

මෙම සිදුවීමට රයිනි මුහුණ දුන්නු ආකාරය ගැන ෆ්ලෑෂ් බැක් නායක රොෂාන් ප්‍රනාන්දු කතා කළේ රයිනිව ”යකඩ කෙල්ලෙක්” ලෙස හඳුන්වාදෙමින්.

”මම දන්නෙ නැහැ. ඒ වෙලාවෙ මගේ මයින්ඩ් එකයි, බොඩි එකයි රියැක්ට් කරපු විදිහ.මම හිතන්නෙ මම පුංචි කාලෙත් ඒ වගේ අත්දැකීම් වලට මුහුණදීලා තියෙනවානේ.2001 වසරෙදී අම්මගේ, තාත්තාගේ කොණ්ඩෙ කපනවා.2004 දී අපේ ගෙදරට ගිනි තියනවා. ඉතිං මම අවුරුදු 9 ඉඳලා ඒ දේවල්වලට මුහුණ දීලනේ ඉන්නේ.”

”මේක සරල වුණේ කාටවත් ලොකු අනතුරක් වුණේ නැති හින්දා.මම හිතන්නෙ ඒ දේවල් එක්ක මම ශක්තිමත් වෙලාදා කියන්න මම දන්නෙ නැහැ.මම දේවල් වලින් හැංගෙන කෙනෙක් නෙමෙයි.දුවල පැනල ඒ වෙලාවට කරන්න ඕනෑ මොනවද කියල හොයල බලල කරන චරිතයක්.”

මෙම සිදුවීම ගැන වීඩියෝපට සහ පුවත්, සැනින් සමාජ මාධ්‍ය ප්‍රමුඛ මෙරට මාධ්‍ය සියල්ලෙහිම පාහේ හුවමාරු වෙන්න පටන් ගත්තා.

ඒ වගේම සියල්ලන්ගෙම ආරක්ෂාව ප්‍රාර්ථනා කළ ආශිර්වාද සටහන් එහෙමත් සෑහෙන්න දැකිය හැකි වුණා…

”මම ප්‍රසංගය ඉවරවෙලා ඇවිල්ල නිදාගෙන නැඟිටිනකොට මේකෙ ආරංචිය කොහෙන් හරි ගිහිල්ලා.පාන්දර 4.00 ට විතර රූම් එකට ආවේ.එනකොට මම අම්මට මැසේජ් එකක් දාල තිබ්බා ෂෝ එක ඉවරවෙලා පරිස්සමින් රූම් එකට ආව කියලා.එච්චරයි දැම්මේ. ඊට පස්සෙ නිදාගත්තා.”

”හිතුව වගේම මුළු ලංකාවම මේ සිද්ධිය දන්නවා.ගොඩක් වීඩියෝ ෂෙයාර් වෙලා.මම ඒත් කල්පනා කළා, මේ පැය තුන හතරට මේ නිවුස් එක කොච්චර දුර ගිහිල්ලද කියලත්.ලෙබනන් ටෙලිවිෂන් නිවුස්වලත් මේක ප්‍රචාරය වෙලා තිබුණා.දුරකථන ඇමතුම් ගලාගෙන ආවා. මැසේජ් ගලාගෙන ආවා. ආපු මැසේජ් අදටත් බලල ඉවර කරගන්න බැහැ.මේ සිද්ධිය මෙච්චර දුරදිග යයි කියලා වගේම මෙච්චර ඉක්මනට මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙයි කියල මම හිතුවෙ නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: