hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:39



සාරා අබේවර්ධන කියන නම ඔබ කවුරුත් නොදන්නා නමක් නෙවෙයි.

මොකද ඇය ඒ තරමට ජනප්‍රිය චරිතයක්.

මෙරට නර්තන කලාව තුළ සුවිශේෂී චරිතයක් ලෙස හඳුනාගත හැකි ඇය, මේ දවස්වල උත්තරීතර මව් පදවිය වෙනුවෙන් දින ගණිනවා.

හැබැයි එහෙමයි කියලා ඇගේ නර්තන වැඩකටයුතු නම් නතර කරලා නෑ.

පහුගිය දවසක ඇය එලෙස නර්තනයේ යෙදෙන අපූරු සේයා රූ කිහිපයක් සමාජ මාධ්‍යයේ ඉහළ ප්‍රතිචාර ලබමින් හුවමාරු වෙන්න පටන් අරන් තිබුණා.

ඒ විතරක් නෙවෙයි, එලෙස හුවමාරු වන සේයා රූ වෙනුවෙන් ලියවුණු අපූරු සටහන් රැසක් ද දැකිය හැකි වුණා. ඇය ලියූ සටහනකුත් ඒ අතර කාගෙත් අවධානය අරන්.

මේ එවන් සටහන් කිහිපයක්….

”ඇහෙනවද මැණික

හරි ලස්සන අමුතු සද්ද….

ඔව් ඒ තමයි ඔයාටත් දවසක උරුම

හරි හරියට නටන්නට ඇහෙන තාල රූප…

කුසේ හොවාගෙන අසීරුවක් දැනුනත් අම්මිට

ඉන්නට බැහැ ලේ වල කකියන තාල රිද්ම…

අද මා නුඹ දරන් හරි පරිස්සමට නැටුවත්

දවසක සත්තයි අම්මිට මහා ආඩම්බරයක් වෙන නැට්ටුක්කාරියක් වෙයි හුරු නුහුරු පදවලට..”

Monara
Monara
ඡායාරූප : facebook




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: