hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 28, ප.ව. 4:09



කොළඹ – කටුනායක අධිවේගී මාර්ග රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වු අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි.

ඒ, රාජකදලුව රෝමානු කතෝලික සුසාන භූමියේ දී.

අභාවප්‍රාප්ත අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අවමංගල්‍ය උත්සවය මීට මොහොතකට පෙර ආරම්භ වුණා.

මේ මොහොතේ දී එම අවසන් කටයුතු වලට අදාළ ආගමික චාරිත්‍ර සිදුවෙමින් පවතිනවා.

සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූන් කිහිප දෙනෙකුගේ ශෝක ප්‍රකාශද ඉදිරිපත් කරනු ලැබුවා.

සභාව මෙහෙයවූ තරුණයා විසින් අමාත්‍යවරයාගේ සංවාද කොටසක් උපුටා දක්වමින් අදහස් කිහිපයක් පළ කෙරූ අතර, එම සම්පූර්ණ කතාව පහතින්,

‘බහුතරය යැයි පෙන්වීමට උත්සාහ කරන සුළුතර කණ්ඩායම් විසින්, නීතිය නොතකමින්, ප්‍රජාතන්ත්‍රවාදය කෙළසමින්, සාමය කඩකරමින්, මහජන ඡන්දයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනපතිව පළවා හළ අයුරු ලෝකයක් බලා සිටියා අපට මතකයි..’

‘ඔවුන් විසින් ම දේශපාලන චණ්ඩියෙක් ලෙස නම් කළ සනත් නිශාන්ත අමාත්‍යවරයා, මෑතක රූපවාහිනි සංවාදයකදී දැක්වූ අදහසකින් මේ කතාව අවසන් කරන්නම්….. ‘මගේ දේශපාලනය, මගේ ක්‍රමය, මගේ හැඩය, මගේ දැක්ම ගැළපෙන්නෙ නැත්තම් ඊළඟ ඡන්දයෙන් මාව පරද්දන්න…’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: