hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 18, ප.ව. 4:07



යාපනය දිස්ත්‍රීක්කයේ පැවති ග්ලෝකල් ෆෙයාර් 2023 රැකියා ප්‍රදර්ශන වැඩසටහන සදහා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාද ඒක්වීම හේතුවෙන් යාපනයේ වැසියන්ගේ උණුසුම් පිළිගැනීමකට ලක් වුණා.

උතුරු පළාතේ තරුණ තරුණියන්ට තමන් අපේක්ෂා කරන රැකියාව පිළිබඳව සෘජුවම ඒජන්සි ආයතන සමඟ සාකච්ඡා කර තම විදේශ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට අවස්ථාව ලබාදීමට විදෙස් සේවා නියුක්ති කාර්යාංශය කටයුතු සංවිධානය කර තිබුණා.

ග්ලෝකල් ෆෙයාර් 2023ට සමගාමීව ශ්‍රම වාසනා අරමුදල විසින් යාපනය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් උපකරණ බෙදා දුන් අතර දේශීය, විදේශීය රැකියා අවස්ථාවන් ලබාදෙන රැකියා නියෝජිත ආයතනවල කුටිද මෙහිදී සංවිධානය කොට තිබුණා.

මෙම වැඩසටහන සඳහා සඳහා රුමේනියාව, සයිප්‍රස් ඇතුළු යුරෝපීය මෙන්ම මැදපෙරදිග රැකියා ඇබෑර්තු ඇති විදේශ රැකියා නියෝජිත ආයතන රැසක් සහභාගි වීම විශේෂයෙන් කැපී පෙනුණා.

මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හිටපු සිපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ඇතුලු පිරිසක්ද සහභාගී වූවා.

මෙහිදී මෙම උත්සව අවස්ථාවට පැමිණි ලෝක පූජිත ශ්‍රීලංකා ජාතික කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා හා ඒක්ව ඡායාරූප ගැනීමට යාපනයේ බොහෝ පිරිසක් උත්සහ ගැනීමද කැපී පෙනුණා.

ඒමෙන්ම සෙල්ෆි ඡායාරූප රැසකට සහභාගී වූ සනත් ජයසූරිය මහතා යාපනයේ තරුණ තරුණියන් සමඟ අදහස් හුවමාරු කරගන්නා අයුරුද දැකගත හැකි වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: