hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 26, පෙ.ව. 12:00



අද අලුයම අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක රථ අනතුරකින් අමාත්‍ය සනත් නිශාන්තට දිවි අහිමි වනවා. 

සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කරන්නෙ අමාත්‍යවරයාගේ රථය ඉදිරියෙන් ආ කන්ටේනර් රථයක ගැටී අනතුර සිදුව ඇති බවයි.

මෙම ඛේදනීය සිදුවීමෙන් පසු සමාජ මාධ්‍ය තුළ ද විවිධ පළකිරීම් දැකගත හැකි වන අතර, එක් තරුණයෙක් සඳහන් කර තිබුණේ අමාත්‍යවරයා තමාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් පැමිණි බවත් ඒ ගමන ආපසු යන අතර අනතුර සිදුව ඇති බවයි.

ඊයේ පස්වරු 6.00ට පමණ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල ජයරත්න මල්ශාලාව වෙත රැගෙන ආවා.

සිය පියාගේ වියෝව දරා ගත නොහැකිව සනත් නිශාන්ත මහතාගේ දරුවන් තිදෙනා හඩා වැටෙමින් සිටින ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: