hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 27, පෙ.ව. 12:01



කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් මියගොස් තිබෙන බව ඔබ මේ වන විටත් දන්නා කියන කරුණක්.

පොලීසිය පැවසුවේ, කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී තිබූ බවයි.

මාධ්‍යවේදී කීර්ති රත්නායක ෆේස්බුක් සටහනක් තබමින් සනත් නිශාන්තගේ ජීප් රථයේ තිබූ පාර්සල් ද්විත්වයක් ගැන අනාවරණයක් කර තිබුණා.

එහි සත්‍ය අසත්‍යතාවය ගැන අපැහැදිලිතාවයක් පවතින අතර, අදාළ පෝස්ටුවට බොහෝ පිරිස් විවිධ ප්‍රතිචාර දක්වා ඇති අයුරු ද දැකගත හැකියි.

මේ සම්බන්ධයෙන් කීර්ති රත්නායක පළ කෙරූ සම්පූර්ණ සටහන පහතින්,

‘සනත් නිශාන්ත නිතරම කුරුස පල්ලියට ගියා.ඔය පල්ලිය උඩම ලියල තියන පාඨය හරි වැදගත්! “IN HOC SIGND VINCES” In this sign you will conquer.. මේ සලකුණ බලගතුය, නියම ලෙස මාර්ගයේ ගියොත් දිනනවා, එහෙම නැති වුනොත් වැනසෙනවා. සැබෑ ලෙස මාර්ගයේ නොගොස් මේ පල්ලිය එක්ක ගනුදෙනු කරන්නේ ප්‍රවේසමෙන්, සොහොනක් මැද තියෙන මේ පල්ලිය අද්භූත ස්ථානයක්….’

‘මේ පල්ලියත් එක්ක සෙල්ලම් බෑ., සෙල්ලම් දාන අය වැනසෙනවා විතරක් නොවේ මරණයට මොහොතකට පෙර හෝ නියම කෙරුවාව එළිදරව් කරනවා.’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: