hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 25, පෙ.ව. 11:29



අද (25) අලුයම 2.00ට පමණ කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.

සනත් නිශාන්ත මහතා එලෙස අනතුරට ලක්ව තිබුණේ, කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටියදීය.

ඒ මහතා ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථය ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනර් රථයක පිටපස ගැටී අනතුර සිදුව තිබිණි.

ඊයේ (24) රාත්‍රියේ හලාවත, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ආපසු කොළඹ බලා එමින් අතරතුර දී සනත් නිශාන්ත මහතා රිය අනතුරට ලක්වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: