hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:05



සංජීවනී වීරසිංහ යනු ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.

එපමණක් නොවෙයි ඇය ක්ෂේත්‍රය තුළ ගායන ශිල්පිනියක ලෙසත් කටයුතු කරනු ලබනවා.

කොහොම නමුත් 1985 වර්ෂයේ සැප්තැම්බර් මස 6 වන ඇය සංගීත ක්ෂේත්‍රය තුළ මියුරු කටහඩටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට ඇය සමත් වෙලා තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි ඇය තමන්ගේ නම රැකගනිමින් කලා ක්ෂේත්‍රය තුළ ඉතාමත් සාර්ථක ලෙස ගමන් කරනවා. 

කොහොමහරි ඉතින් වර්තමානයේදී නම අපට ඇයව වැඩිය රූපවාහිනිය ඔස්සේ දැකගන්නට නොලැබුනත් ඇය සමාජ මාධ්‍ය ජාලා තුළ නම් ක්‍රියාකාරී චරිතයක් ලෙසින් අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබෙනවා. 

කොහොම නමුත් මේ වන විට විවාහ වී සිටින ඇය තම ආදරණීය සැමියා සහ දරුවන් දෙදෙනා සමගින් ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරනු ලබනවා.

අමරිකාවේ – ලොස් ඇන්ජලිස් නුවරදී ඇයට ජනතා විරෝධයක් එල්ල වුණා.

ඒ සම්බන්ධ වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

ඒක ඔබට මතක ඇති.

මුහුණූ පොත ඇතුළතත් බොහෝම කාර්යබහුල ඈ පසුගිය දවසක ඇගේ දියණියගේ ඡායාරූප කිහිපයක් එක් කරමින් ආදරණීය පළකිරීමක් කර තිබුණා.

‘Happy birthday to the princess of my heart!‍ I spent the past 23 years of my life loving, guiding, protecting and blessing you .

Thaththi,aiya and you …are the three most important pieces that complete my heart. Words are not sufficient to put across my feelings and love for you, my darling girl but each day I will find new words…..new ways , to show my love for you . You are my greatest inspiration.. You will forever be my adorable angel . Happy birthday my love!

සුළං රැල්ලක් වගේ, මගේ සිත සනසනා…..

හිරුත් සඳු වගේ, ජීවිතේ එළියක් දෙනා….

කෙවිලියක සරින් ගී, ගයා සැම සනසනා….

ඇයයි ” සංජා

නි” සුභ උපන්දින සමරනා…..

සදරාජිණිය,සුකොමළ වස්තුවකි ඔයා…

එනමුඳු “පුතේ”,හිත හයියට ගනින් තියා…

දසුනින් පවා සිත කරවන කල එළියා…

මගෙ සුදු දුවට සුභපැතුමක් තබමි ලියා…

දුව පමනක් නොවේ මා හට මවක් වෙලා…

යුතුකම් කරන’යුරු සිටිනෙමි තුටින් බලා…

නූතන ලොවේ විසකුරු ඇස් මඟ හැරලා…

පරිස්සමෙන් මගෙ මැණිකේ නොවෙන් මුලා….

නන් විසිතුරු ලොවක සුපිපෙන කුසුම මගේ…

මගෙ දුව දිනෙන් දින බැබලෙන අයුරු අගේ…

සංකර ගති නොමැති රූබර කොමළියගේ…

නිර්මල දසුන, හිත සනසන ඔසුව වගේ….

ඇය යන ගමන දෙස සැනසීමෙන් බලමී….

තබනා පියවරක් ගානෙම අසිරි දෙමී…

සංසාරයේ කල පින් මහිමෙක බලෙනී…

පින්බර දුවක “අම්මා” වන්නට ලැබුනී…..

ඒ රන් රුවට විසිතුන් වසරක් වෙනවා….

අළුතින් පැතුම් ඇය වෙනුවෙන් පූදිනවා…

ශ්‍රී සුභ පැතුම් ඇගෙ නාමෙට වෙන් වෙනවා….

සැම දෙවි පිහිට මගෙ දෝණිට අයැදිනවා…

දිදුලන සඳ වතකි, හදවත කුළුණුබර…

දුවණිය සුපෙම්බර, නැගණිය ප්‍රියාදර….

මුළු වෙහෙසම ගතේ දුරලන කොවුල් සර….

අප තිදෙනගේ වස්තුව ඔබ අදරබර….

පුතා හා එක්ව අපෙ, ලෝකයම බබළනා…

ජන්මයත් සමග ඇගෙ, අපෙ පැතුම් සපිරුනා….

තත්පරෙන් තත්පරේ, ඉනාවක් අයුරිනා….

ජීවිතේ ගෙනියන්න හේතු දහසක් දෙනා….

ජීවිතේ ලස්සනයි එය හොඳින් විඳින්න…

ආදරේ පිරුණු නෙත් තුලින් ලොව බලන්න…

සෝ සුසුම් නොවේවා මගෙ දූට හඬන්න….

දුක ද සැප ඉවසමින්, තුටින් කල් ගෙවන්න….

කියාදී ඇත දුවට ජීවිතේ කතාව…

ලේ බිඳක් ගානේම දුන්නේම දයාව….

යහ ගුණෙන් සපිරි සිත, නිති රකියි ඔයාව….

ඒ හයිය ගෙන යන්න, නොවෙයි මංමුලාව….

දිනෙක අප නිවහනින් පිටවෙලා යන දාක…

අපට හිමි සන්තකේ පිටව යයි ඔබ එක්ක….

අපේ හැම සුසුමකම, සිතුමකම, පැතුමකම,

ඔබේ නම රැව්දේවි ඔබ නොමැති මහ ගේක….

නිරන්තර මුවේ රැඳි සිනා වාසනාවන්…

දයාවෙන් පිරි සිතේ හැගුම් වාසනාවන්…

කතා කරනා දෙනෙත් සදා වාසනාවන්….

මව් පියන් සනසනා දුවක්, වාසනාවන්…’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: