hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 21, පෙ.ව. 12:00



සාරංග දිනක්ෂි කියන්නේ මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රසිද්ධ වෙච්චි ආදරණීය කලාකරුවන් දෙපළක්.මේ ගත කරන්නේ ඔවුන්ගේ කලා ජීවිතයේ පීක්ම අවස්ථාව කිව්වොත් හරියටම හරි.පසුගිය දවසක සාරංග ඔහුගේ අද්විතීය රංගන කුසලතාවය නිසා සම්මාන හිමිකර ගන්නටත් සමත් වුණා. ඒ විතරක් නෙවෙයි දිනක්ෂිත් සරසවි සම්මාන හිමිකරගන්න වාසනාව ලැබුවා.

මේ සියලුම දේවල් එක්ක ඔවුන්ගේ පවුල හැඩ වැඩ කරන්න ආදරණීය දියණියක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඇයත් බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ චරිතයක් වෙලා ඇය තමයි සාරන්යා.සාරන්යත් අම්මා තාත්තා වගේම දක්ෂ කලා තරුවක් වෙයි කියන බලාපොරොත්තුව හැමෝගෙම හිතේ තියෙනවා.ඉතින් සාරංගයි දිනක්ෂියි ගතකරන්නේ ඔවුන්ටම  වෙන් වුනු ඔවුන්ගෙම කියලා ජීවිතයක්. එක්තරා අවස්ථාවකදී සාරංගයි දිනක්ෂි චූටි බබායි ඉන්න ඡායාරූපයක් සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරලා තිබුණා.

ඒ අවස්ථාවේ දිනක්ෂි ඇඳගෙන හිටියේ කොට කලිසමක්.ඒක දැකපු එක් රසිකාවියක් සාරන්යා හිතන විදිහට ඇය ඇයගේ අදහස ඉදිරිපත් කරලා තිබ්බේ මේ විදිහටයි.

“අම්මා ඔයා දැන්නම් කොටට අඳින්න එපා අම්මා මම ඉන්නවනේ දැන්…”

ඉතින් මේ කමෙන්ට් එක දැකපු සාරංග  ඒ කතාවට රිප්ලයි එකක් දාලා තිබ්බේ මේ විදිහටයි.

“මගේ දරුවට කතා කරන්න පුළුවන් කාලෙකවත් ඔය වගේ ලිං මැඩි කතා කියන්න මම උගන්වන්නේ නෑ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: