hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 28, ප.ව. 6:45



සාරංග සහ දිනක්ෂි කියලා කියන්නේ සමාජ මාධ්‍ය වල බොහෝ සෙයින් කතා බහට ලක්වෙන යුවලක්.

සාරංග දිනක්ෂි මේ වන විට මව්පියන්.

ඒ ආදරණිය සුරතල් දරුපැටියෙක් මෙලොවට බිහි වීමත් සමග.

සාරංග ගැන විවාහයට පෙර බොහෝ සෙයින් විවිධ වූ කට කතා වගේම මඩ ප්‍රහාරද එල්ල වුණා.

ඊට හේතුව වෙලා තිබ්බේ සාරංග මීට පෙර විවාහ දිවිය නිමා කිරීමයි.

සාරංගගේ සහ පළමු බිරිඳගේ යන දෙදෙනාගේ විවාහ ජීවිතය දෙදරා යාමත් සමග සාරංග දෙවැනි වරට විවාහ වෙන්නේ දිනක්ෂි සමගයි.

මොවුන් දෙදෙනාගේද යම් යම් සටහන් නිසා සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහට ලක්වෙලා තිබෙනවා මේ වන විට.

මේ ආදරණීය යුවලගේ තුන්වන විවාහ සංවත්සරය අද.

කොහොම වුණත් මේ දවසේ ඒ වෙනුවෙන් සුබපැතුමක් එක් කරන්න සාරංග අමතක කරල තිබුණේ නැහැ..

ඒ සටහන හරිම ආදරණීය එකක්.

තමගේ ජීවිතයේ දුක සතුට වුණ ඔහුගේ ජීවන සහකාරිය දිනක්ෂි එක්ක සාරංග ගෙවන හැම මොහොතක්ම සුන්දරයි කියලා ඔහු සමාජ මාධ්‍යට එකතු කරන දේවල් වලින් තේරෙන්වා.

ඒත් අද නම් සාරංගට පොඩි වැරදීමක් වෙලා.

එයාගේ එකම බිරිඳට සුබපැතුමක් සාරංග එක් කරලා තිබුණා.

ඒත් එක්කම ඒකට ආදරණීය පිළිතුරක් ලබා දුන් දිනක්ශිත් ඔහුට සුබ පතලා කියලා තිබුණේ ඒ සුබපැතුම ඔහුගේ දෙවැනි බිරිඳගෙන් කියලායි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: